29 කොටස ~

646 141 6
                                    

"තාත්තේ මන් ක්ලාස් කට් කරගන්නෙත් නෑ වැඩ පාඩු කරගන්නෙත් නෑ.. මේකට විතරක් ඉන්න දෙන්න"

"දැන්ම නෑනේ ඕක..බලමු"

"ඒත් ප්‍රැක්ටිසස් දානවා."

"ඔයා කිව්වා පුතා රත්නපුරේ එක අන්තිම එක කියලා"

"අනේ තාත්තේ මන් ට්‍රිප් එකවත් ගියේ නෑනෙ..අනික මන් ලීඩර්"

"එහෙනන් ඕක වෙන එක්කෙනෙක්ට දෙන්න"

"අනේ තාත්තෙ මේක විතරක්?"

"ම්ම්"

වචනේ වෙනස් කරන්න කලින් මන් කාමරේට පැනගත්තා.. දැන් මන් ගෙදර ඉන්න ටික වෙලාවෙත් වැඩි හරියක්ම කාමරේ අස්සට වෙලා ඉන්න හුරු වෙලා.. එලියේ හිටියොත් කවුරු හරිම මොකක් හරි ඇදයක් කුදයක් කියනවා..අරම පාඩම් කරන්න මෙහෙම කරන්න.. එයාලට තේරෙන්නෑනේ.
ඒලෙවල් කාලෙ ළමයි ස්ට්‍රෙස් වෙන්නේ වැඩියෙන්ම පවුලේ උදවියගේ වැඩ නිසා කියලා මට හිතෙන්නේ.

මට පමනද මේ පීඩනය?

ඔව් වෙන්නත් පුලුවන්!


*******************************

දවස් මාර ඉක්මනට ගෙවිලා ගියේ මියුසික් වැඩ අස්සේ මායි, අපි හැමෝවමයි හිර වෙද්දි... මියුසික් රූම් එක මාලුකඩේ වගේ... මියුසික් ප්ලේ වෙන සද්දෙයි,  මුන්ගේ කියවිල්ලයි...ඉඩ ලැබෙන හැම වෙලාවෙම බෑන්ඩ් එකේ හැමෝම මේකට මහන්සි උනා. මැඩම් කිව්වේ නොටේශන් වල ඉදන් අපිම හදලා පෙන්නන්න එයා වැරදි විතරක් හදන්නම් කියලා.. කිව්වත් වගේ කට්ටිය ඇක්‍ටිව් වෙලා වැඩ කලා.. මත භේද, රණ්ඩු සරුවල් නොතිබුනා නෙවේ..ඒත් අන්තිමේ මරාගත්තේ මොකාද කියන එකත් අමතක වෙන ගානට අපි එකින් එක ගලප ගලප හැම දේම සෙට්ල් කලා... 

 සාක්කුවේ තිබ්බ ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා දැනුනම මන් පැත්තකට ගිහින් බැලුවා. 

අයියා!

"මන් ගේට් එක ගාව ඉන්නේ..ඔයා ඉවරද?"

"විනාඩි 10 ක් දෙන්න එන්න-..."

**බීප්**

මූගේ ගෑස් බලහන්කො.. කියලා ඉවර වෙන්නත් කලින් කට් කරානේ!
ඇද මන් කනවා ඕකව.. ඒත් එයාටත් මේ දවස් වල එක්සෑම් ස්ට්‍රෙස් ගහලා ඉන්නේ. ඒලෙවල් වලට හපන්ලු කැම්පස් එක්සෑම්.

STAY WITH ME ✔️Where stories live. Discover now