75 කොටස ~

613 137 40
                                    

After 3 Years~~~

කාලේ ගෙවිලා ගියා.. සවිනු කියන හිස් පොත පිටුවක් පිටුවක් ගානේ ආදරේ..සතුට කියන දේ විතරක් එක්ක හරි ලස්සනට ලියවුනා... අපි විවාහ උනා... මට සිද්දවෙන හැමදේම වගේ ඒකත් හරිම පුදුමවීමක් තමා..රදීන්, දෙව්මිත්, ආදව් අයියා, විවේක් සර්, සදිල් අයියා , දියානා..අම්මා තාත්තගේ නැති උනත් එයාලාගේ ආශිර්වාදේ මැද්දේ මායි අයියයි විවාහ වෙද්දී එදාම දෙව්මිත් රදීන් දෙන්නා විවාහ ගිවිසගත්තා.. අයියගෙයි මගෙයි අත් වලට රත්තරන් මුදු දෙකක් වැටෙද්දේ එච්චර කල් අත් වල පාලු මකපු  ප්ලැටිනම් මුදු දෙක දේව්ගෙයි රදීන්ගෙයි අත් වලට වැටුනා.. මට සතුටුයි.

කොතනින්ද හරියට පටන් ගන්නේ කියලා මටවත් හිතාගන්න බැරි උනාට  මගේ ජීවිතේ වෙනස් උනා... පවුල පැත්තෙන්..එතකොට  ජොබ් එක? සමාජේ..ඒ හැම දෙයක්ම! අයියා..විවේක් සර් කියන සමහර දේවල් මට තේරෙන්න ගන්නේ ටික කාලයක් ගියාම.. එදා එයා මට පී එච් ඩී එක කරන අදහස ඔලුවට දැම්මේ නැත්තම් මන් ජොබ් එකක් කරන මනුස්සයෙක් විදිහට අද තෘප්තිමත් වෙන්නේ නැතුව තියෙයි..

මීට මාස ගානකට කලින් කිව්වත් වගේම යුනිවසිටි එකට මන් පය ගැහුවා... ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට..ඉස්කෝලේ කාලේ දූවිලි පෙරන් එහේ මෙහේ දිව්ව කොල්ලා ඒ විදිහට~.. මගේ ජීවිතේ වෙන සමහර දේවල් මට හිතාගන්නත් බෑ.. ළමයි අතරේ ඉන්න එක සතුටක්! 

අද වෙද්දි  ළමයි දහස්ගානක් අපේ යුනිවසිටි එකේ ඉගෙන ගන්නවා..ඒකෙන්ත් ලංකාවේ ළමයින් වෙනමම.. මගේ 28 වෙනි බර්ත්ඩේ එකට මන් ඉල්ලුවේ මට ඒ කාලේ හම්බ උනා වගේ ශිශ්‍යත්ව ලංකාවේ යුනිවසිටි යන්න හම්බවෙන්නේ නැති ළමයින්ට දෙන්න කියලා.. ඉතින්... හැම අවුරුද්දකම ළමයි මෙහෙට එනවා.. ආර්ට්.. මෙඩිකල්..මැනේජ්මන්ට්.. ඔය වගේ ෆැකක්ටි  ගොඩක්  දැන් තියෙනවා. 

රදීන් දෙව්මිත් දෙන්නා... ඒ දෙන්නත් හරි ලස්සනට මුල ඉදන් එයාලගේ ලයිෆ් එක ප්ලෑන් කරන් අරගෙන යනවා.. රදීනුත් දේශ් අයියා වගේම එයාගේ ජොබ් එක කරගෙන යන ගමන් පීඑච්ඩී එක ඉවර කරලා දැන් ස්පෝර්ට්ස් වලට විතරක් වෙන් උන ස්කූල් එකක් හදන් යනවා.. ඌගේ ආසාව..දේශ් අයියා එයාට වුන වැරදි රදීන්ටත් වෙන්න නොදී ඇගිල්ලෙන් ඇන ඇන ' රදීන් මෙහෙම කරන්න' ' මල්ලි ඕක හරියන්නෑ' බ්ලා බ්ලා ගාලා උපදෙස් දෙන්නේ. වෙලාවකට දෙන්නා එක්ක රන්ඩු වෙලා මුඩ් ගහලා ඉන්නවා..අන්තිමට දෙන්නවම සමථයකට පත් කරන්නේ විවේක් සර්... මායි දෙව්මිතුයි නම් කරන්නෙම තව අවුලවන එක... මුන් දෙන්නා එකට ඉන්නවා වැඩී දැන්.. පොඩි මෑනුත් මාත් එක්ක කිව්වා ඕක. 

STAY WITH ME ✔️Where stories live. Discover now