59 කොටස ~

670 131 24
                                    


"එතකොට ඔයා එදා ඉදන් ආදව් අයියා එක්ක කතා කරලා නැද්ද?"

"නැහැ..  මන් මොනාද කියන්න ඕනේ? කී පාරක් කිව්වද මාව දාල යන්න එපා කියලා.."

"හරි හරි මන් කතා කරන්න කිව්වේ නෑ..දැන් ඒවා ඉවරයිනේ අයියේ වෙලා... අලුතින් පටන් ගමු"

"රීසෙට්?"

"ඒව් එහාට යනවා"

සීරියස් කතාවක් මැද්දෙත් අයියා රිසෙට් ගාගෙන මගේ මූණට බර උනා..දෙනවා රීසෙට් කරන්න මන් දැන්...නුවර අපි දවස් තුනක් විතර ඉදලා..ඌප්ස්ස්..මේ මනුස්සයා කරපු හරියක්! මට ළමයි හම්බෙනවා නම් මාස නමයකින් ළමයි පෝලිමට එද්දි බලන්න තිබ්බා අයියගේ මූන..කොහොමද යකෝ එච්චර ළමයි ගොඩකට කන්න දෙන්නේ?.. ඒ ළමයිව දාලා මන් බැන්ඩ් එකක් හදනවා.

"මන් එයාට ඉස්සර කතා කලේ ලොකූ කියලා..මන් තාමත් ආසයි එහෙම කතා කරන්න..ඒත් මට ඉස්සර තරම් එයාව දැනෙන්නේ නෑ."

"ඒ ඉතින් අවුරුදු ගානක් කතාකරන්නේ තියා මූණවත් බලන්නේ නැතුව හිටිය නිසා.. කතා කරන්න පටන් ගත්තා නම් ඕක ඇරිලා යනවා..අනික එයාට නොයෙන්න හේතු තිබ්බද දන්නෑනේ?"

"මට ඕනේ නෑ ආයෙම"

"මන් දන්නෑ ඔයාලගේ ප්‍රශ්න..ඒත් මාව ආදව් අයියා ගාවට යවන්න තරම් ඔයා එයාව විශ්වාස කරනවා නේද? ඉතින්.... ඔයා කතා කරන්න ඕනේ නෑ කියලා ලොකු කමට හිතන්නැතුව හිතට දැනෙන දේ කරන්න.."

 
මන් කිව්වේ අයියගේ පපුවට පොඩි තට්ටුවක් දාලා..මොකටද මෙහෙද දෙපැත්තකට වෙලා දුක් විදින්නේ? අනික එදා ආදව් අයියත් පුදුම සතුටකින්නේ මාත් එක්ක කතා කලේ. අයියට තේරුන් කරනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් නෑ..අයියට පවුලේ කෙනෙක්ට ඉන්නෙත් ආදව් අයියා විතරයි..එහෙම එකේ ඉතින් ලොකු කම නැතුව කතා බහ කරලා හිටියා නම් මොකද?

අපි දවස් තුනක් විතර නුවර ඇවිදලා ආයෙම කොළබ ආවා..සීතලට හුරු වෙලා මෙහෙට ආපු ගමන් අපි දෙන්නටම ඉහින් කටින් දාඩිය වැක්කෙරෙන්න  ගත්තා. ඉතින් අයියයි මායි දවසම ශර්ට්ලස් තමා. කොහොම හරි මගේ පපුවයි නිපල් දෙකයි ඔක්කොම රතු වෙලා මගේ මිනිහගේ වැඩ නිසා..පුදුම අසහනකාරයෙක් තමා~ අයියටත් එක්සෑම් එකෙන් පස්සේ මේ ටිකම කැම්පස් නිවාඩු..ඒත් හවසට  ගේට්වේ එකටයි බ්‍රිටිශ් ස්කූල් එකටයි යනවා. 

STAY WITH ME ✔️Where stories live. Discover now