36 කොටස ~

626 144 10
                                    

"මාව මිනීමරුවෙක් කරගන්නේ නැතුව ඉස්සරහා පේලියකින් ඉදගන්නවා!"

එයාව ගනන් ගන්නේ නැතුව මන් ගිහින් පිටිපස්සෙම පේලියකින් ඉදගත්තා. ඒලෙවල් අන්තිම කාලේ එක දිහට ක්ලාස් ක්ලාස් ක්ලාස්.. ඉතින් කාලෙකට පස්සේ අහම්බෙන් මට හම්බුනා අයියව. පහල ඉන්නවා අහම්බෙන් දැක්කට මහ වෙලාවක් යන්න කලින් අපි දෙන්නා දෙන්නට දෙන්නා දැක්කා. හිතට දුකක් දැනුනත් මන් කේන්ති ගිහිල්ලා වගේ ගස්සලා එතනින් ගියා. රදීන් පගයට ක්ලාස් එන්න වෙන්නෙත් නෑ කෑම්ප් නිසා.. හනේ ඕකා කෑම්ප් එකකටම නාකි වෙයි එච්චරයි.. රදීන් බැන්නට පස්සේ මන් වෙනස් උනා... උනාට වඩා ඒක බලෙන් කර ගත්තා කියලා තමා මට හිතෙන්නේ.සීයට අසූව ආවට ඉස්කෝලේ ගමනත් නවත්තලා මන් එක දිගට පාඩම් කලා..ක්ලාස් යන්න විතරක් ගෙදරින් එලියට බැස්ස  මන් දවසම හිටියේ කාමරේ අස්සට වෙලා. තාත්තා උනත් දැන් වචනයක් දෙකක් හරි කතා කරනවා..ඒත් මගේ හිතේ හැමෝම ගැන තියෙන්නේ කලකිරීමක්.

පේලියෙන් වාඩි වෙලා ඉස්සරහා බලද්දි මන් දිහා කන්න වගේ ඔරවන් බලාගෙන හිටියේ අයියා.එයා බලන් හිටියත් නැතත් මට පුකද? මන් කොල ටිකක් අරන් ගනන් හදන්න ගත්තා. බයෝ මෙලෝ සන්සාරයක් බැරි වෙනකොට පිහිටට හිටියේ ප්‍රිසිස් කෙමිස්ට්‍රි දෙක තමා. කොහොමත් අයියා මට සෑහෙන දේවල් ටිකක් කියලා දුන්නා ඒ කාලේ...දැන් තමා පොර කියපුවගේ ඇත්ත නැත්ත තේරෙන්නේ.

"කෝ ළමයි පාස්පේපස් ටිකේ තාපය ගනන් ටික හදන් ආපු නැති අය ස්ටේජ් එක උඩට එනවා..මන් ඇවිල්ලා උඩට ගන්න කලින්"

සර් ස්ටේජ් එක උඩට නගින ගමන් කියද්දි මට පේනවා එකා දෙකා ලැජ්ජ නැතුව ස්ටේජ් එක උඩට යනවා. දැන් සති කීයක්ද මන්දා මුන් කරන්නෑ සර් නග්ගනවා!.. අන්තිම කාලෙවත් පාස්පේපර් නොකරන එවුන්ට මුකුත් කියලත් බෑ  නොකියත් බෑ. අයියා තමා ඕක කිව්වේ ඉස්සර.. පොඩ්ඩක් ඉන්න ඇයි දැන් මන් එයා කියන ඒව මතක් කරන්නේ? මන් තරහයිනේ!

"ස්ස්ස්ස් ස්ස්ස්ස් කෝ ඔය නිදන් ඉන්න ළමයා පොත් ටික අරන් ඉස්සරහට එනවා!"

**අම්මාආඅ***

මුහුදේ යට තිබ්බ තඩි කොරල් පරේක මගේ ඔලුව හැප්පෙනවා දැකලා මට කෑගැස්සුනා..මන් හිටියේ මුහුදු පත්ලේ කිමිදිලා.. අර වරල වගේ එකක් කකුල් දෙකට දාන් මන් නයෙක් වගේ පැද්දි පැද්දි කිමිදුනා... හරි සනීපයිනේ ආ.

STAY WITH ME ✔️Where stories live. Discover now