30 කොටස ~

679 143 17
                                    

"හන්තානේ ගියා කියලා කෙල්ලො එක්ක ලව් කරලා අහු වෙන්න එපා මට!"

"දැන් ඔයා ඕක කීවෙනි වතාවටද කියන්නේ ආ?"

"ඔයාට වැඩක් නෑනෙ ඒක!  මාස්ක් එකක් දාන් යන්න එහේ. අනික් ෆැකල්ටි වල අයව මට ශුවර් නෑ."

"යාහ් බබා!"

"මොකද!?"

"ඔච්චර ඊරිසියා කරන්න එපා. මන් ඔයාට විතරනේ ආදරේ!"

"ඒත් ඔයා ලස්සන වැඩී අයියේ.. මට අනික් අයව ශුවර් නෑ"

එයා ඇදන් හිටිය හයිනෙක් ටීශර්ට් එක බෙල්ලෙන් උඩට නහය ගාවටම ඇදලා හැඩ බැලුවා.

"මෙහෙමත් හොදයි අයියේ! ඒත් ඇස් දෙකත් ලස්සනයිනෙ"

"හරි දෙයියනේ මන් දන්නවා.. ඔහොම කියන්න එපා මට යන්න හිතෙන්නේ නෑ බබා"

"නැ නෑ ගිහින් එන්න... පිස්සු කතාකරන්නේ නැතුව."

"ම්ම්"

අයියා ඇදගෙන හිටිය ටී ශර්ට් එක ගලවලා ඇදෙන් ඉදගත්තා.  අනිද්දා එයාලගේ හන්තාන ට්‍රිප් එක... එක්සෑම් එක කෙල නොවී කරගෙන මේකා උඩ පැන්නට.. දැන් මෙයා හන්තානේ ගියාට පායනවා බලන්න පායන සදක් නෑනෙ එයාට... සද ඉන්නේ කලම්බු වල. එච්චරයි!

"ආ බබා පොඩ්ඩක් ඉන්න මන් දෙයක් ගෙනාවා ඔයාට"

අල ගෙඩියක් වගෙ ඔඩොක්කුවට වෙලා වාඩි වෙලා හිටිය මාව උස්සලා එහා පැත්තෙන් තිබ්බා.. ස්ටූල් එක උඩ තියලා තිබ්බ ලොකු බොක්ස් එක අරගෙන ආවහම මාත් ආවේ  නැගිටලා ඒ ගාවට ගියා..  වයිට් ඩෙක් ශූස් දෙකක්..සිල්වර් කලර් එකෙන් ඉරි 2 ක් ගියපු.

"ඔහොම ඉන්න"

අයියා මාව ඇදේ ඉන්දවලා බිම දණගහගෙන මගේ කකුල් වලට ඒක දැම්මා.. අනේ අයියේ.

"ලස්සනද?"

"ඇයි වියදම් කලේ මෙච්චර?"

"මටෝන නිසා"

වෙනදාට මන් කියනවා වගේ අද අයියා හුරතල් විදිහට කියද්දි මට හිනා ගියා..

"අයියේ ඔයා දන්නවද සපත්තු දෙන්නේ නෑ ගිෆ්ට් විදිහට"

"ඔයා ආස නැද්ද?"

"නෑ නෑ මනුස්සයෝ... සපත්තු දුන්නම එයා ඈතට යනවලු කියලා කියනවා.. ඒ නිසා"

STAY WITH ME ✔️Where stories live. Discover now