44 කොටස ~

653 138 12
                                    

"ඔය වගේ සම්බන්දයක් තියෙද්දි වැඩියෙන්ම බලපෑම එන්නේ ගෙදරින් කොල්ලෝ..."

"මන් දන්නවා... ඒත් මට ඒක දැනිලා නෑ..මට පවුලේ කවුරුත් නැති නිසා..ඒත් සවිනුට එහෙම නෑ..මට හරියන්නත් එක්ක එයාට ප්‍රශ්න ආවා." 

"ඒවා එහෙම තමා.... ඒත් දැන් මේ ළමයගේ ගෙදරට මොකක්ද කියන්නේ?"

"මට තේරෙන්නේ නෑ... මට පුලුවන් එයාව මන් ගාව තියාගන්-..."

"එහෙම කියලා පව්ල අතාරින්න බෑනේ"

"ඔව් මන් දන්නවා... ඒත්..."

"ඒත් මේත් නෙවේ ඒ ළමයට සිහිය ආවම කතා කරලා හොදම දේ කරන්න..මතක තියාගන්න එක තීරණේකින් ජීවිතේ ඉස්සරහට සතුටු වෙන්නත් පුලුවන් පසුතැවෙන්නත් පුලුවන්."

"මට තේරෙනවා.. සර් ස්තූතියි මේ කරපු උදව් වලට"

"දෙයක්  නෑ පුතා.. ඔයා අද රෑ ඉන්නවද? තාම සිහිය ඇවිල්ලා නැති නිසා ඩිස්චාජ් කරන එකක් නෑ"

"මන් ඉන්නවා.... ඒත් ගෙදරින් කෝල් කලොත් තමා ප්‍රශ්නේ එන්නේ.."

"එක දවසකට ශේප් කරගන්න බැරි වෙයිද?"

"මන් මොකක් හරි කියන්නම් සර්...සර්ට පරක්කු වෙනවා ඇති රෑත් වෙලා දැන්.."

"එයාට සිහිය ආවම මට කෝල් එකක් දාන්න"

විවේක් සර් මොන හේතුකටද මන්දා  ඒ වෙලේ  ඩියුටි හිටිය එයාගෙන් ඉගෙන ගත්තු ඩොක්ටස්ලා කීපදෙනෙක්වම ගෙන්නලා මගේ සවිනුව පෙන්නෙව්වා...කාත් කවුරුත් නැති මට ඒක මොන තරම් දෙයක්ද කියලා මට හිතාගන්නත් බෑ. පැය ගානක් මාත් එක්ක ඉදලා මගේ බලේටම සර් දැන් යන්න හදන්නේ.. මිනිස්සු හරි පුදුමාකාරයි..හිතන්නේවත් නැති වෙලාවල් වල හරි ආදරණීය මිනිස්සු හම්බ වෙනවා..

"ඔයාගේ ඇස් දැක්කම මට කෙනෙක්ව මතක් වෙනවා!"

හිටපු රූම් එකෙන් එලියට යන ගමන් හිටිය සර් ආයෙම හැරිලා මට කිව්වා..කෙනෙක්?

"අහ්හ්? කෙනෙක්?"

"ඔව්...ගොඩක් ආදරේ හිතෙන කෙනෙක්..පරිස්සමින් ඉන්න.. මන් යනවා කොල්ලෝ"

මන් කිසි දෙයක් කියන්න කලින්ම සර් එලියට ගියා.. මගෙ ඇස්? කවුද දන්නේ... ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න පුලුවන්..තාම බැදලත් නැතුව ඇතිනේ...ඒකනේ හැම වෙලේම ක්ලාස් දදා අපිට ඇණයක් උනේ...ඒත් හතලිස් ගානක්වත් ඇති..මන් මොනා හිතනවද මන්දා මේ වෙලේ..
නර්ස් කෙනෙක් ඇවිල්ලා ඒසී එක අඩු කරලා අතර ගහලා තිබ්බ කැනියුලා එක අයින් කරලා සේලයින් එකත් වැහුවා.. කිසී හැල හොල්මනක් නැතුව ඇදේ වැතිරිලා ඉන්න විදිහ දැක්කම පපුව කීරි ගැහෙනවා වගේ දැනෙනවා..ඔව් එයා හොදින්..ඒත්  කවදාවත්ම මේ විදිහට දකින්න බලාපොරොත්තු උනේ නෑ මගේ සවිනුව.

STAY WITH ME ✔️Where stories live. Discover now