67 කොටස ~

559 138 55
                                    

"අයියේ මොකක් හරි අවුලක්ද?"

"නෑ විනූ ඔලුව කැක්කුමයි.

ගෙදර ආවත් අයියා කලබලෙන් වගේ හැසිරුනේ. මටත් ඇන ඇන අහන්න බෑනේ..හැමදේකම සීමාවක් තියෙනවා.. ආදව් අයියා බබාව හෝදලා බලෙන්ම නිදි කෙරෙව්වේ ගුටියකුත් දීල. උයන්න හදද්දි අයියටත් නිදාගන්න කියලා මන්ම   කෑම ටිකක් හදලා ගත්තා. ග්‍රැනීත් ඉන්නවනේ. ආදව් අයියා කෑවෙත් නෑ කොහොම හරි....හැමදේකටම පස්සේ මන් කාමරේට ගිහිල්ලා අයියට කෝල් එකක් ගත්තාට ඒ මගුල ආන්සර් කලෙත් නෑ!

එක දිගට මිස් කෝල් ගහගෙන ගහගෙන ගියේ තරහටම. ඇයි   සෙරමනි එක දවසෙන් පස්සේ කටහඩවත් අහලා නෑ මන් මේ වෙනකල්.. අඩුම වොයිස් එකක්වත් දාන්න තිබ්බ.

"හෙලෝ රදීන්! දේශ් ඉන්නවා නම් ෆෝන් එක දීපන්"

අයියට ගන්න එක නවත්තලා මන් රදීන්‍ට ගත්තා... මේක මගුලක් උනා!

"දේශ් අයියා කොහෙද බන් අපේ ගෙදර.. දැන් ටිකකට කලින් එයා ගෙදර ගියේ. කෝල් කලේ නැද්ද උබ?!"

"අහ් එහෙනම් පාරේ වෙන්නැති..ආන්සර් කලේ නෑ ඒකයි මන් උබට ගත්තෙ"

අනේ මගෙත් ඉවසීමක් නෑනේ...එයා බයික් එකේ වෙන්න ඇති. බැනපුවා මන් ඉල්ලා අස් කර ගන්නවා.

"දැක්කද ෆොටෝස් දෙව් එවලා තිබ්බ"

"ඔව් ඔව් පොඩි පගයට මන් දෙකක් දෙනවා දැන්.. ඈත් වෙලා ඉන්න කියපන් දේශ් අයියගෙන්"

"උබලා ඔව්වා විසදගනිම් මන් දන්නෑ.. උන් දෙන්නා සහොදර පෙමක් පටලවන් නටනවා වැඩී තමා"

"අනේ හු##  සහෝදර පෙම! මගේ මිනිහා පිට යන්නෑ කියල ශුවර් නිසා හොදයි.."

"උබ හිටපන්!! දෙව්මිත් පිට යන්නෙත් නෑ! ඇයි යකෝ"

"හරි ඉතිම් දැන් තව්සෙ මට කෑත් ගහනව නේද? තිරිසනා මන් තියනවා. "

"කෑගැහුවේ කව්-"

"මන් කෑ ගැහුවේ.. පරිස්සමින් හිටහන් බායි"

රදීන් මොනාද මන්ද කියවද්දි මන් කෝල් එක කට් කලේ කතා කරන්න කිසි මූඩ් එකක් නැති නිසා..ඌ එක්ක කතා කරාම මූඩ් එක හැදෙන්න තිබ්බා..ඒත් මට අවුල් වගේ.. මගේ වටපිටාවේ මේ වෙන දේ අමුතුවට දැනෙන්නෙ. අයියට ගෙදර යන්න අඩුම පැයක්වත් යයි කියලා හිතුන නිසා මන් බාතෲම් එකට පැනලා වොශ් එකක් දාගත්තා...

STAY WITH ME ✔️Where stories live. Discover now