Prologue

402 60 46
                                    


"හැම සුරංගනා කතාවකම ලස්සන කුමාරයො කුමාරිකාවො හිටියා. එයාලට උදව් කරන්න පුංචි සුරදූතයොත් හිටියා. එයාලගෙ ආදරේ එකතු කරන පුංචි සුරදූතයෙක්ගෙ අහිංසක ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරන්න එයාලගෙ ප්‍රධානීතුමියට අමතක වුනා. අන්න එහෙමයි මගේ සුරදූතයාගෙ ලස්සන ඇස් වලට මායාව පුරවන්න එයාලට බැරි වුනේ."

"එතකොට ඔම්මා මගේ ඇස් වල මැජික් නැති නිසාද මට පේන්නෙ නැත්තෙ? එහෙනම් මගෙන් වැඩක් නැතුව ඇති."

"නැහැ නැහැ පැටියෝ..... එයාලා ඔයාට දුන්නෙ ඊට වඩා වටින මැජික් එකක්. ඒක ගොඩක් වටින නිසා ඔයාගෙ හදවත ඇතුළෙ හංගලා තියෙන්නෙ. දවසක ලස්සන පුංචි කෙල්ලෙක් ඔයාගෙ මැජික් එක අඳුරගනියි."

පුංචි හුරතල් කොල්ලෙක් තමන්ගෙ ඔම්මට තුරුළු වෙලා හැමදාම වගේ අදත් කතන්දර ඇහුවා. පුංචියි කිව්වට දැන් වයස අවුරුදු විසි හතකුත් වෙන කොල්ලෙක් එයා. එච්චර ලොකු වුනත් තාමත් ඒ හදවත ලාමකයි කියලා හැමෝම දැනගෙන හිටියා. පුංචි කොල්ලා තාමත් සමාජය එක්ක හරිහැටි ගැටිලා නැහැ කියලා දන්න ඔහුගෙ ඔම්මා හැමදාම පුංචි කොල්ලගෙ ප්‍රශ්නවලට දුන්නෙ සුරංගනා ලෝකෙන් අරගෙන ආපු උත්තර. හැබැයි ඒ උත්තර එතනින් එහාටත් ඒ විදිහටම තියාගන්න පුංචි සුරංගනාවියක් හොයාගන්න එක ලොකු අභියෝගයක් වුණා. මේ හුරතල් සුරදූතයාගෙ හැම දෙයක්ම පිලිගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ ඉඳියිද?

පාක් ජිමින්....... අවුරුදු විසි හතක් වෙන මනසින් නොවැඩුණු දරුවෙක් තරම්ම හුරතල් අහිංසක කොල්ලෙක්. පුංචි කාලෙ ඉඳලම කොල්ලා ගෙ තිබුණු එකම අඩුපාඩුව වුනේ ඇස් පේන්නෙ නැති කම විතරයි. මේ දේවල් වලින් පුංචි කාලෙ ඉඳලම කොල්ලා යන හැමතැනකම කොන් වෙද්දි ඔහුගෙ ඔම්මට කරන්න පුළුවන් වුන එකම දේ සුරංගනා කතා වලින් කොල්ලාගෙ හිත හදන එක විතරයි.

"හේජු....... ඉක්මනට පහලට එන්න. ඔය පොඩි එකාව තාමත් හුරතල් කරලා ඉවර නැද්ද?"

"මම ඉක්මනට එන්නම් ජිමින් පැටියෝ. ඔයා හොඳට නිදාගන්න. ගුඩ් නයිට්! ඉක්මනට නිදාගත්තොත් ලස්සන සුරංගනාවියක් එයි මගේ පැටියව අරගෙන යන්න."

The Blind Angle || PJM ✓Where stories live. Discover now