"මේ පාරවත් හරියයි ද ?"
කෙල්ලට විශ්වාසයක් තිබුණෙ නැහැ. තමන්ගෙ විවාහය වෙන්නෙ කොහොමද කියලා. මොකද මෙච්චර කාලෙකට කෙල්ලව බලන්න ආපු කිසිම කෙනෙක්ට කෙල්ලව මෙතනින් තමන්ගෙ ගෙදරට අරගෙන යන්න ඕන වුණේ නැහැ. ඉතින් කෙල්ල හිටියෙ අදත් මේ දේ ගැන සම්පූර්ණ සෘණාත්මක හැඟීමකින්.
"ආසුයා......... ලෑස්ති වෙලා ඉවරද? එයාලා ඇවිත්."
කෙල්ලගෙ ඔම්මා කාමරේට ඇවිත් කතා කලත් කෙල්ලට ඕන වුණේ නොපෙනී යන්න. තමන්ගෙ ඉස්සරහට එන හැම කෙනෙක්ගෙන්ම ප්‍රතික්ෂේප වෙන එක කොච්චර අමාරු දෙයක්ද? ඒත් ඒක දැනෙන්න ඇත්තෙ කෙල්ලට විතරක් වෙන්න ඇති.
"ඔම්මා....... ආයෙ නම් එපා. මම විකුණන්න දාපු සෙල්ලම් බඩුවක් නෙවෙයි. හැමදාම එන අයගෙ ඉස්සරහට ගිහින් ආපහු හිත කඩාගෙන එන්න මට බැහැ."
"අනේ මගෙ දරුවො. එහෙම හිතන්න එපා. මේක තමයි අන්තිම පාර. මට විශ්වාසයි එයාලා ඔයාට කැමති වෙයි."
ඔම්මා කෙල්ලගෙ ඔලුව අතගාද්දි කෙල්ල හෙමින් ඔලුව වැනුවෙ කොච්චර හිත රිදුනත් දෙමව්පියන්ට කීකරු වෙන්න ඕන කියලා කෙල්ලගෙ හිතට දැනුණ නිසා. ඔම්මාගෙ පස්සෙන්ම පඩිපෙල බැහැගෙන පහලට ආපු කෙල්ලගෙ ඇස් වලට අහු වුනේ පොහොසත් පෙනුමක් තියෙන දෙන්නෙක්.
"මේ ඉන්නෙ අපේ දුව. ලිම් ආසුයා......"
"අනේ දුව හරි අහිංසකයි වගේ."
ටිකක් මැදි වියේ ගෑනු කෙනෙක් කියද්දි ආසුයා තමන්ගෙ අප්පා දිහා බැලුවෙ කුතුහලයෙන්. මෙච්චර පොහොසත් කෙනෙක් තමන්ගෙ ලඟට විවාහ යෝජනාවක් අරගෙන එයි කියලා කවුද හිතන්නෙ? මිස්ටර් පාර්ක් ගැන නොදන්න කෙනෙක් හිටියෙ නැහැ. ඉතින් කෙල්ල පුදුම වෙන එක සාධාරණයි. කෙල්ලගෙ පුදුම වුන මූණ දිහා බලාගෙන හිටපු කෙල්ලගෙ අප්පා ඇස් වලින් පෙන්නුවෙ කලබල වෙන්න එපා කියලා. ඒ ඇස් වල ලොකු සතුටක් තියෙනවා කෙල්ල දැක්කා.
'අන්තිමට එයාලා මෙහෙම හරි මං ගැන සතුටු වෙයිනෙ.' කෙල්ලගෙ හිත කිව්වෙ එහෙමයි. ඒත් කොහෙද හැමෝම හැමතැනම කතා වෙන ඒ කඩවසම් තරුණයා. මිස්ටර් පාර්ක්ගෙ පුතා කිව්වම ඒ කවුද කියලා නොදන්න කෙනෙක් නැති තරම්. කෙල්ලගෙ වගේම කෙල්ලගෙ ගෙදර අයගෙත් ඇස් එහෙමෙහෙ යන දිහා බලාගෙන හිටපු මිස්ටර් පාර්ක් තමන්ගෙ බිරිඳට කතා කලා.
YOU ARE READING
The Blind Angle || PJM ✓
Fanfiction"හැම සුරංගනා කතාවකම ලස්සන කුමාරයො කුමාරිකාවො හිටියා. එයාලට උදව් කරන්න පුංචි සුරදූතයොත් හිටියා. එයාලගෙ ආදරේ එකතු කරන පුංචි සුරදූතයෙක්ගෙ අහිංසක ප්රාර්ථනාවක් ඉෂ්ට කරන්න එයාලගෙ ප්රධානීතුමියට අමතක වුනා. අන්න එහෙමයි මගේ සුරදූතයාගෙ ලස්සන ඇස් වලට මායාව පුරව...