Chapter 5

220 62 19
                                    


ජිමින්ගෙ අත ආසුයාගෙ වැලමිටත් එක්ක පැටලිලා තියෙද්දි දෙන්නම හිටියෙ පාරෙ ඇවිදගෙන යන ගමන්. ජිමින් එක්ක ගෙදරට ආපු දවසෙ ඉඳන්ම කොල්ලව වැඩිය එලියට එක්කගෙන නොගිය නිසා ආසුයාට හිතුනා ජිමින්වත් වෙනසකටත් එක්ක එලියට අරගෙන යන්න.

කොල්ලා වෙනදට වඩා වෙනස් විදිහට ඇඳගෙන ඉද්දි පාරෙ යන හැම කෙල්ලෙක්ගෙම ඇස් තිබුණෙ ජිමින් ලඟ. කොල්ලා ඒතරම්ම කඩවසම් කෙනෙක්. හැබැයි ඉතින් ජිමින්ට ඒ කාවවත් පේන්නෙ නැහැ කියලා දැනගත්තොත් එයාලා ඒ විදිහටම ඉඳියිද කියන එක ප්‍රශ්නයක්.

"මේ කෙල්ලො නම් මහ වාතයක්. මොකට මෙයා දිහා ගිලින්න වගේ බලනවද මන්දා?"

"මොකක් හරි ප්‍රශ්නයක්ද ආසුයා?"

"ඔව් ඔව්...... මායාකාරියො ටිකක් ඔයාගෙන් සුප් එකක් හදන්න යන්නෙ. ඔය හිකි හිකි හිනාව නවත්තලා නෝමල් විදිහට ඉන්න."

ආසුයා කිව්වෙ මෙච්චර වෙලා තමන්ගෙ ආකර්ෂණීය හිනාවෙන් මූණ පුරවාගෙන හිටපු ජිමින්ට තවත් ලං වෙන ගමන්. කොල්ලා කිසිම හේතුවක් නැතුව හිනාවුනත් පාරෙ ඉන්න අනිත් කෙල්ලො හිතන්න ඇති එයාලා එක්කයි ජිමින් හිනා වෙන්නෙ කියලා. ජිමින්ගෙ පැත්තට අනිත් අයගෙ අවධානය යද්දි ආසුයාට පුංචි ඊරිසියාවක් දැනුනා. ජිමින් කියන්නෙ තමන්ගෙ කෙනෙක් කියන එක කෙල්ලගෙ හිතේ තදින්ම තැන්පත් වෙලා.

කොල්ලව එක්කගෙන පාක් එකට ගිය ආසුයා බෙන්ච් එකකින් කොල්ලව ඉන්දෙව්වෙ හොඳ හුස්මක් ගන්න ගමන්මයි. හිම වැටෙන්න ලං වෙලා තිබුණු සීත කාලෙ නිසා හැමතැනම සීතලක් පැතිරිලා තිබුණා. තමන්ගෙ අත් එකට අතුල්ලන ගමන් සීතල නැතිකරගන්න හදපු ආසුයාගෙ අත් දෙක අල්ලගත්තෙ ජිමින්. කෙල්ලගෙ අත් තමන්ගෙ අත් වලින් උණුසුම් කරන ගමන්ම කට ලඟට ලං කරගෙන පිඹින්න පටන් ගත්ත ජිමින් ලස්සනට හිනාවුනා. 

ජිමින් සීතලට දාගෙන හිටපු ස්කාෆ් එක එක අතකින් හදපු ආසුයා කොල්ලාගෙ ලඟින්ම වාඩි වුණේ ජිමිනුත් කෙල්ලගෙ ඉන වටේ අත් යවලා කෙල්ලව තමන්ට තුරුළු කරගනිද්දි.

"මොනාද එලියෙ වෙන්නෙ ආසුයා?"

"හ්ම්...... පුංචි ළමයි ටිකක් ඉස්සරහා පාක් එකේ සෙල්ලම් කරනවා. අපේ බෙන්ච් එකට ඉස්සරහින් ඉන්න කපල් එකක් කතා කර කර ඉන්නවා. තව කපල් එකක් බදාගෙන ඉන්නවා. තව.... නෑ නෑ ඒවා ඕන නෑ."

The Blind Angle || PJM ✓Where stories live. Discover now