Chapter 6

221 57 35
                                    


"ආසු....... යාආආආආ...... ආසුයාආආ..... ආසු......"

"මොකද ජිමිනි මේ? මම තාම ගේ අස්කරලා ඉවර නෑනෙ. පොඩ්ඩක් ඉන්නකො පැටියො. ඉක්මනට එන්නම්."

කාමරේට එබිලා ජිමින්ගෙ බෙරි වෙච්ච මූණ දිහා බලපු ආසුයා එලියට ගියේ හිනාවෙන ගමන්මයි. වැස්ස දවස් පටන් ගත්ත නිසා ජිමින්ට නිතරම ඕන වුණේ කෙල්ලව ලඟින් තියාගන්න. ඒත් ඉතින් ගෙදර සේරම වැඩ තනියම කරන ආසුයාට හැමවෙලේම ජිමින්ගෙ ලඟටම වෙලා ඉන්න බැරි වුනා. ජිමින්ට කෙල්ල ඇරෙන්න වෙන කවුරුත්ම නොහිටිය නිසා කම්මැලි වෙලාවට කරන්න කියලා දෙයකුත් කොල්ලට තිබුණෙ නැහැ.

ඇඳේ පෙරලිලා ඔහේ හිටපු ජිමින් ගැස්සිලා ගියේ තමන්ගෙ කකුලෙ යටි පතුලෙන් කිතියක් දැනෙන්න පටන් ගත්ත නිසා. කොල්ලාගෙ තරහා ගිය මූණ දිහා බලාගෙන හිනාවුන ආසුයා ජිමින් ලඟින් ඇඳෙන් ඉඳගත්තත් කොල්ලා අනිත් පැත්තට පෙරලුනේ ආසුයා එක්ක තරහා වෙලා කියලා පෙන්නන ගමන්.

"ජිමිනි........ ගොඩක් වෙලා ගියාද ම්ම්...? මම ඔයාට කන්න රස කෑමකුත් හැදුවා නෙ. ඒකයි ඉතින් පරක්කු වුනේ. කෝ මෙහෙට එන්නකො. තරහද මාත් එක්ක?"

කොල්ලාගෙ මූණ අත් දෙකෙන්ම අල්ලගත්ත ආසුයා අහද්දි ජිමින් දුකෙන් වගේ බිම බලාගත්තා. ජිමින්ට ගොඩක් ලොකු පාළුවක් දැනුනා. සමහර වෙලාවට තමන්ගෙ ඇස් වලින් තමන් වැඩිපුරම ආදරේ කරන කෙනාව දකින්න බැරුව කොල්ලා ගොඩක් අසරණ වුන අවස්ථා තිබුණා. ජිමින්ගෙ අජීවී ඇස් වල කදුළු පිරිලා තිබුණෙ ජිමින්ගෙ පාළුව තනිකම වගේ හැමදේම ඒ කඳුළු වලින් නිරූපණය වෙද්දි.

"අනේ ජිමින්...... අඬන්න එපා මැණික. මට දුක හිතෙනවනෙ. මම මොනාද කරන්න ඕන ම්ම්? මම ඔයාගෙ ලඟටම වෙලා ඉන්නවා අද දවසම. අඬන්න එපා."

"ඔයා...... ඔයා මාව දාලා යන්නෙ නෑ නේද ආසුයා?"

"මං ඔයාව දාලා කොහේ යන්නද දෙයියනේ? මට ඔයා විතරයි ඉන්නෙ."

ජිමින්ව තුරුළු කරගන්න ගමන් ආසුයා කියද්දි කොල්ලත් තමන්ගෙ මූණ කෙල්ලගෙ බෙල්ල අස්සෙ හංගගෙන පාළුව නැති කරගන්න උත්සාහ කලා. ඇත්තටම ජිමින්ගෙ හැමදේම දැන් තියෙන්නෙ ආසුයා ලඟ. ටිකෙන් ටික ජිමින් සන්සුන් වෙනවා කියලා දැනෙද්දි ආසුයා කොල්ලාගෙන් ඈත් වුණා.

The Blind Angle || PJM ✓Where stories live. Discover now