Chapter 7

210 56 14
                                    


ජිමින්ව නිදි කරවපු ආසුයා අල්මාරියෙන් අරගත්ත ජිමින්ගෙ කළු පාට හුඩී එකක් ඇඳගත්තෙ තමන්ව කොල්ලෙක් කියලා පේන්න ඕන නිසා. ජිමින් නිසාම ගෙදරින් එලියට බහින්න තීරණය කලත් ආසුයා මීට කලින් කවදාවත් මේ තරම් රෑ වෙලා තියෙද්දි පාරෙ ගිහින් තිබුණෙ නැහැ. 

හිතට හයිය අරගෙන පාරට ගිය ආසුයා තමන්ගෙ අඩිය ඉක්මන් කලා. රෑ වෙලා නිසා පාරෙ කිසිම කෙනෙක් නැති එක කෙල්ලගෙ හිතට සහනයක් වුනේ තමන් ජීවත් වෙන පළාතෙ මේ වගේ වෙලාවට ඉන්න මිනිස්සු ගැන හොඳ අවබෝධයක් තිබුණ නිසා. ටිකෙන් ටික ෆාමසිය පැත්තට ලං වුන කෙල්ල ඉක්මනින්ම ඇතුලට ගිහින් තමන්ට ඕන කරන බෙහෙත් ටික අරගත්තා. කෙල්ල ලොකු හුස්මක් පහලට දැම්මෙ ගෙදර ඉඳන් මෙතනට එනකම්ම කිසිම කරදරකාරී දෙයක් හමු නොවුන නිසා. කෙල්ල බලාපොරොත්තු වුනා ඉස්සරහටත් එහෙම වෙන්න කියලා. 

ෆාමසියෙ ඉඳන් ගෙදරට යන එකනම් කෙල්ල හිතන තරම්ම ලේසි වුනේ නැහැ. ඈත ඉඳලම පාරෙ ඉන්න ඒතරම් හොඳයි කියලා හිතන්න බැරි මිනිස්සු ටිකක් දැක්ක ආසුයා තමන්ගෙ අත් මිට මොලවා ගත්තා. ආසුයා උත්සාහ කලේ ඒ මිනිස්සුන්ගෙ ඇස් වලට අහු නොවී යන්න. ඒත් ඒ වගේ මිනිස්සු එක්ක ආසුයා වගේ කෙනෙක්ට හැංගි මුත්තන් කරන්න බැහැ.

"ඒයි....... කවුද මේ රෑ?"

"හේයි....... කවුද අනේ මේ චූටි මැණික? බලන්නකො..... ඉක්මනට යන්නෙ මොකක් හරි හදිස්සියක්ද?"

"කරදරයක් නම් අපි උදව්වක් කරමු නේද?"

එතන හිටපු කොල්ලො තුන් දෙනෙක් කෙල්ලගෙ පස්සෙන් එන ගමන් කියද්දි කෙල්ල තමන්ගෙ අඩිය ඉක්මන් කලේ තමන්ගෙ ඇස් වලින් බයටම වැටෙන කඳුළු අත් දෙකෙන් පිහදාගන්න ගමන්. ටිකෙන් ටික ඒ මිනිස්සු කෙල්ලට ලංවෙද්දි ආසුයාට ඕන වුණා දුවලා ගිහින් ජිමින්ට තුරුළු වෙන්න. තමන්ගෙ දිහා නරක විදිහට බලන ජරා ඇස් වලින් මිදිලා ජීවයක් නැති වුනත් තමන්ට ආදරේම විතරක් දුන්න ඇස් අතරට යන්න.

කෙල්ලගෙ පපුව වේගයෙන් ගැහෙද්දි ආසුයා දුවන්න පටන් ගත්තා. ඒත් එක්කම පිටිපස්සෙන් ඒ මිනිස්සු දුවගෙන එන සද්දෙත් ඇහෙද්දි කෙල්ලට දැණුනෙ ලොකු අසරණකමක්.

The Blind Angle || PJM ✓Where stories live. Discover now