Chapter 8

211 55 18
                                    


සෝෆා එක උඩට වෙලා හවස් වෙනකම්ම අඬ අඬ හිටපු ජිමින් යන්තං එතනින් නැගිට ගත්තෙ ගෙදර දොර ඇරෙන සද්දෙ ඇහුන නිසා. ජිමින්ගෙ උගුර කට වේලිලා මුළු මූණම කඳුළු වලින් පෙඟිලා තිබුණා. ආසුයාට කරදරයක් කියලා දැනගත්තත් අඬනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් කොල්ලට තිබුණෙ නැහැ. ජිමින්ට තමන්ගෙ අඩුපාඩුව ඇත්තටම කරදරයක් විදිහට දැණුනෙ දැන්.

"ජිමින්..........."

මිසිස් පාර්ක් ගෙදරට එනකොටත් ජිමින් හිටියෙ සාලෙ මැද බිම ඉඳගෙන අඬන ගමන්. තමන්ගෙ දරුවා මෙහෙම ඉන්න එක ගැන මිසිස් පාර්ක්ටත් මහ පුදුමයක් දැනුණා. තමන්ගෙ ඔම්මාගෙ කටහඬ ඇහුන ගමන්ම ඔම්මාගෙ කකුල් දෙක බදාගත්ත ජිමින් එකදිගටම අඬන්න පටන් ගත්තා.

"ඔම්මාහ්...... අනේ ඔම්මා...... ප්ලීස්...... ප්ලීස් මාව ආසුයා ලඟට එක්කන් යන්න. අනේ ඔම්මා...... ප්ලීස් මාව එක්කන් යන්න. මං ඔයාගෙන් ආයෙත් මොකුත්ම ඉල්ලන්නෑ.... අනේ ඔම්මා...... ප්ලීස් මාව ආසුයා ගාවට එක්කන් යන්න. ඔම්මා..... මං ආයෙ ඔයාලට කරදර නොකර ඉන්නම්. මං.... මං ඔම්මාට..... අප්පාට..... හ්යොන්ග්ටත් කරදර කරන්නෑ. අනේහ්....... ඔම්මා...... ප්ලීස් මාව එක්කන් යන්න."

ජිමින් නොනවත්වා කෑගහන්න පටන් ගනිද්දි මිසිස් පාර්ක් අතින් කට වහගත්තෙ තමන්ගෙ කඳුළුත් ඔහේ ගලාගෙන යද්දි. ජිමින්ගෙ මේ හැසිරීම කොල්ලට ආසුයාව කොච්චර වැදගත්ද කියලා හැමෝටම තේරුම් කරලා දුන්නා. ආසුයා නැතුව ආයෙත් ජිමින් කෙනෙක් ඉන්න එකකුත් නැහැ.

කොල්ලාගෙ ඇඬිල්ල නිසාම මිසිස් පාර්ක් කොල්ලව එක්කගෙන ආවෙ හොස්පිට්ල් එකට. උදේ පාරෙ යන ගමන් හිටපු කෙල්ලව ඇක්සිඩන්ට් වෙලා තිබුණු නිසා කෙල්ල මේ වෙලාවෙ හිටියෙ හොස්පිට්ල් එකේ ප්‍රතිකාර ගන්න ගමන්. හිසට දරුණු තුවාල කිහිපයක් වෙලා තිබුණු නිසා සර්ජරි එකකුත් කරලා තිබුණු කෙල්ලට තාමත් සිහිය ඇවිත් තිබුණෙ නැහැ.

ජිමින්ව කාමරේට අරගෙන ගිය ගමන්ම කොල්ලා කලේ හැමෝගෙම අත් වලින් ගැලවිලා ආසුයාව හොයපු එක. තාමත් ඇඳට වෙලා සිහියක් නැතුව හිටපු කෙල්ලගෙ ලඟින් බිම වාඩි වුන ජිමින් මල් පෙත්තක් අල්ලන තරම් පරිස්සමින් කෙල්ලගෙ කම්මුල් අතගාන්න පටන් ගත්තා. කොල්ලට බයයි ආසුයාට රිදෙයි කියලා.

The Blind Angle || PJM ✓Where stories live. Discover now