Chapter 4

220 59 17
                                    


"ස්ට්‍රෝබෙරි ෂැම්පු එක ගන්න."

"මේක මගේ ෂැම්පු එක ජිමින්. ඔයාගෙ එක අපි අරන් ඉවරනෙ."

"ඔයාට තමයි අනේ. ස්ට්‍රෝබෙරි එක ගන්න. මම ආසයි ඒ සුවඳට."

ජිමින් එක්ක බඩු ගේන්න යන එක හිතන තරම් ලේසි වැඩක් වුනේ නැහැ. ජිමින්ගෙ බඩු අරගෙන ඉවර කරපු ආසුයා තමන්ට ඕන දේවල් ගන්න ආවත් කෙල්ලට ඒ ගන්නත් වුනේ ජිමින් කැමති දේවල්. ජිමින් ආස සුවඳ ජාති වලින් තිබුණු දේවල් තමයි අදින් පස්සෙ ආසුයා ලඟ තියෙන්නෙත්. 

ආපු වෙලාවෙ ඉඳලම ආසුයාගෙ අතේ එල්ලිලා හිටපු ජිමින් දිහාවට හැමෝගෙම අවධානය යොමු වෙලා තිබුණා. කෙල්ලටත් වඩා උස වුනාට මොකද ජිමින්ගෙ හැසිරීම නම් පොඩි දරුවෙක් වගේමයි. ඕන කරන හැමදෙයක්ම අරගත්ත දෙන්නා ටැක්සි එකකට නැග්ගෙ ගෙදර යන්න හිතාගෙන. ජිමින් වගේ කෙනෙක් එක්ක එලියෙ ඉන්න එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි.

ගෙදර ආපු ගමන්ම ජිමින්ට වොෂ් එකක් දාගන්න උදව් කරපු ආසුයා කොල්ලව ඇඳෙන් ඉන්දවලා ඇඳුම් අන්දවන්න පටන් ගත්තා. දැන් දැන් ගොඩක් දේවල් ජිමින්ට තනියම කරගන්න පුළුවන් වුනත් ආසුයා තමන්ට පුළුවන් හැම වෙලාවකම ජිමින් වෙනුවෙන් ඒ දේවල් කලා.

"දඟලන්නෙ නැතුව ඉන්න ජිමින්. මම ඉක්මනට වොෂ් දාගෙන එන්නම්."

"හ්ම්....... හරි......."

ආසුයාගෙ දිහා බලලා වේගයෙන් ඔලුව හොල්ලපු ජිමින් හිනා වෙද්දි කොල්ලාගෙ කම්මුලකට කිස් එකක් දුන්න ආසුයා වොෂ් රූම් එක ලඟට ගියා. කෙල්ල බලාගෙන හිටියෙ ජිමින් ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ රතු වෙන විදිහ. ටික වෙලාවක් ඒ විදිහටම හිටපු කොල්ලා ඇඳේ පෙරලිලා තමන්ගෙ මූණ කොට්ටෙ අස්සෙ ගහගත්තෙ ලැජ්ජ හිතුන නිසයි.

කෙල්ල වොෂ් එකක් දාලා ඉවර වෙලා කාමරේට ආපු ගමන්ම බැලුවෙ ඇඳ දිහා. ඒත් ජිමින් පේන්න හිටියෙ නැහැ.

"ජිමින්.........."

ඇඳ වටේම ගිය ආසුයා කොල්ලව හොයන්න පටන් ගත්තා. කොච්චර කතා කළත් ජිමින්ගෙ සද්දයක් වත් නැති වෙද්දි කෙල්ලට දැණුනෙ තමන්ගෙ හුස්ම හිරවෙනවා වගේ. ජිමින් කියන්නෙ තමන්ගෙ ජීවිතේ දැන් ඉතුරු වෙලා ඉන්න එකම කෙනා. කවුරු තමන්ව මොන විදිහට අතෑරලා දැම්මත් කෙල්ලට ඕන වුණේ නැහැ ජිමින්ගෙන් ඈත් වෙන්න. ඒත් දැන් ජිමින් අතුරුදහන් වෙලා ඉඳිද්දි කෙල්ල ගොඩක් බය වෙන එක සාධාරණයි.

The Blind Angle || PJM ✓Where stories live. Discover now