කෑම කාලා ඉවර කරපු ජිමින්ව කාමරෙන් තියපු ආසුයා කුස්සිය අස් කරලා ඉවර වුනා. ඔරලෝසුවේ වෙලාව රාත්‍රී දහයයි කියලා පේන්න තියෙද්දි සේරම වැඩ ඉවර කරගන්න පුළුවන් වෙච්ච ආසුයා කාමරේට ගියේ දවස ගොඩක් මහන්සි දවසක් වුන නිසා. මෙච්චර කාලෙකට තනියම ගෙදරක් පාලනය කරලා නොතිබුන ආසුයාට මේක අලුත්ම අත්දැකීමක් වුනා. ජිමින්ගෙ තත්වයත් එක්ක ගෙදර වැඩයි ජිමින්ගෙ වැඩයි සේරම කෙල්ලගෙ ඔළුවටම පැටවෙද්දි ආසුයාට ලොකු කරදරකාරී හැඟීමක් දැනුනා. ඒත් මේක පටන් ගැන්ම විතරයි.
කාමරේ ඇතුලට ඇවිත් තමන්ගෙ රෑ ඇඳුමට මාරු වුන කෙල්ල දැක්කෙ ඇඳ උඩ ඉඳගෙන ඉන්න ජිමින්ව. කොල්ලා ඉන්නවා කියලා අමතක වෙලා ඇඳුම් මාරු කරගත්තත් ජිමින්ට තමන්ව පේන්නෙ නෑ කියලා මතක් වෙද්දි කෙල්ල යන්තං හිනා වුණා. ඒත් ජිමින්ගෙ ඇඳුම දැක්කම නම් කෙල්ලට හිතුනෙ ජිමින්ව උස්සලා වටයක් කරකවන්නමයි.
"මොකක්ද ඔය ඇඳුම ජිමින්?"
"මේ මගේ රෑට අඳින ඇඳුම. ඇයි?"
"නෑ නෑ...... ඒක ෂෝක්."
ජිමින් ඇඳගෙන හිටියෙ පුංචි පුංචි තාරාවො ගොඩක් ඇඳලා තිබුණ රෝස පාට පිජාමා එකක්. කොල්ලව පෙනුණෙ පුංචි දරුවෙක් වගේමයි. ජිමින්ගෙ හුරතලේ එක්ක නම් කෙල්ලට ලේසි වෙන එකක් නැහැ. ඔළුවත් දෙපැත්තට හොලවලා හිනාවුන ආසුයා බෙඩ් ටේබල් එක අස් කරන්න පටන් ගත්තා. කෙල්ල එතන ඉන්නවා කියලා දැනුන ජිමින් කෙල්ලගෙ වටේට අත් යවලා මොකක් හරි හොයනවා කියලා ආසුයා දැක්කා.
"ඇයි ජිමින්?"
"ඔයාගෙ ඇඳුම ඔම්මාගෙ එක වගේ නෙවෙයිනෙ. කෝ මේකෙ රැලි නෑ."
"එහෙම වෙන්න එපැයි. මම ඇඳගෙන ඉන්නෙ නයිට් ඩ්‍රස් එකක් නෙවෙයි. මේක පිජාමා එකක්."
කෙල්ල තමන්ගෙ වැඩේ කරගෙන යන ගමන්ම කියද්දි ජිමින්ගෙ මූණ බෙරි වුණා.
"මොකක්ද අවුල ජිමින්?"
"මම නිදාගන්නෙ ඔම්මාගෙ ගවුමෙන් අල්ලගෙන. දැන් මම මොකෙන්ද අල්ලගන්නෙ?"
ජිමින්ගෙ කතාවත් එක්ක එලියට පනින්න ආපු හිනාව කෙල්ල නවත්තගත්තෙ හරිම අමාරුවෙන්. 'මේ කොල්ලට නම් හොඳටම පිස්සු. වෙන කෙල්ලෙක් මෙයා ගාව හිටියා නම් මෙයාට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ'. ආසුයාට එහෙමයි හිතුනෙ. ඒත් ජිමින්ගෙ හිත ගැන තාමත් ආසුයා හරියට දන්නෙ නැහැ.
YOU ARE READING
The Blind Angle || PJM ✓
Fanfiction"හැම සුරංගනා කතාවකම ලස්සන කුමාරයො කුමාරිකාවො හිටියා. එයාලට උදව් කරන්න පුංචි සුරදූතයොත් හිටියා. එයාලගෙ ආදරේ එකතු කරන පුංචි සුරදූතයෙක්ගෙ අහිංසක ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරන්න එයාලගෙ ප්‍රධානීතුමියට අමතක වුනා. අන්න එහෙමයි මගේ සුරදූතයාගෙ ලස්සන ඇස් වලට මායාව පුරව...