Chapter 2

220 58 34
                                    


වයස අවුරුදු විසි හතක් වුන ලොකු කොල්ලෙක්ව ඊටත් වඩා පුංචි කෙල්ලෙක්ගෙ වගකීමක් වුනොත්? මං හිතන්නෑ ගොඩක් අය ඒ වගේ වගකීමක් බාරගනියි කියලා. ඒ වගේ ලොකු දෙයක් කරන්න ආසුයාගෙ හිතේ තිබුණෙ බයක්. හැම කෙල්ලෙක්ගෙම ජීවිතේ හීනයක් ඇති. තමන්ව කවුරු හරි කෙනෙක් බලාගන්න ඕන ආදරේ කරන්න ඕන කියන එක. ඉතින් දැන් ආසුයා ඉන්නෙ ඒකෙ අනිත් පැත්තෙ.

ජීවිතේ හරියට කාසියක දෙපැත්ත වගේ. අපි දන්නෑ ඊලඟට කාසියේ මොන පැත්ත වැටෙයිද කියලා. ඒ මොන පැත්ත වුනත් අපිට ඒක වැරදියි කියන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් අමාරුයි. කෙල්ලගෙ කටින් පුංචි ඉකියක් පිටවෙද්දි ජිමින්ට ඒ සද්දෙ ඇහෙන්නැතුව තියෙයිද? ජිමින් දැනගත්තා තමන්ගෙ අප්පාට කතා කරපු ගමන් මේ වගේ දෙයක් වෙයි කියලා. ඉතින් කොල්ලත් කතා නොකරම බිම බලාගත්තා. ජිමින් එක අතකට හරි අසරණ කෙනෙක්.

තමන්ගෙ ඇස් වලින් වැටෙන කදුළු අමාරුවෙන් වුනත් පිහදාගත්ත ආසුයා නැගිටලා උඩට ගියේ තවත් අඬ අඬ ඉඳලා තේරුමක් නැහැ කියලා හිතුන නිසා. තමන්ගෙ ඇඳුම් බෑග් එකෙන් ඇඳුම් එලියට අරන් කෙල්ල ගියේ වොෂ් එකක් දාගන්න. විනාඩි විස්සකට විතර පස්සෙ වොෂ් එකක් දාගෙන ඉවර වුන ආසුයා පහලට ආවෙ හිත ටිකක් නිදහස් කරගෙන. ඒත් කෙල්ලගෙ ප්‍රශ්න විසඳන්න ඒවට බැහැ.

පහලට ආපු කෙල්ල දැක්කෙ තාමත් තමන් ඉන්දවලා ගිය විදිහටම ඉන්න ජිමින්ව. කොල්ලා ලඟ ඔම්මා මෙච්චර දවසක් හිටපු නිසා ජිමින්ට ස්ටික් එකක් පාවිච්චි කරලා පුරුද්දක් තිබුණෙ නැහැ. ඇරත් ස්ටික් එකක් දීලා කොල්ලව තවත් අසරණ විදිහට දකින්න කොල්ලාගෙ ඔම්මට ඕන නොවෙන්න ඇති.

හෙමින් හෙමින් ජිමින්ගෙ ලඟට ගිය ආසුයා කොල්ලාගෙ ලඟින් බිම දණ ගහගත්තා. කොල්ලාගෙ අහිංසක මූණ ලස්සන හිනාවකින් පිරුණෙ ආසුයා තමන්ගෙ ලඟම ඉන්නවා කියලා කොල්ලට දැනුණ නිසා. ආසුයාට ජිමින්ව දැනුනත් නොදැනුනත් ජිමින් දැනටමත් ආසුයාට ගොඩක් බැඳිලා. ඒ තමන්ගෙ ඔම්මාගෙ සුරංගනා කතා නිසාම වෙන්න ඇති.

"ජිමින්....... අපි වොෂ් එකක් දාගමු."

"හ්ම්....... හා........"

The Blind Angle || PJM ✓Where stories live. Discover now