𝙿𝚊𝚛𝚝 <1>...

1.4K 149 69
                                    


උදේ ලෙක්චර් එකට ආපු ටේහයුන්ග් පුරුදු පරිදි තමන්ගෙ
ලොකර් එක ලගට ගියේ පොත් ටික ඇතුලට දාන්න...අදත් ලොකර් එක අදිද්දීම තමන්ගෙ කකුල් උඩට වැටුන පොඩි නෝට් එක ටේහයුන්ග් අතට ගත්තා...

" Good morning Handsome <3,
බ්‍රවුන් කලර් එකට ඔයා ගොඩක් ලස්සනයි"

නෝට් එක කියවද්දී ටේහයුන්ග්ගෙ මූණට වෙනද වගේම හිනාවක් එනව ඒ කෙනත් දුරට වෙලා බලන් හිටියා වෙනදා වගේම...

හැමදාම තමන්ට හම්බවෙන මේ පුංචි නෝට් එක එක්කම තියෙන කප් කේක් එකත් අතට ගත්ත ටේහයුන්ග් ඒක කන්න ගත්තෙ දැනට අවුරුද්දකට විතර කලින් මුලින්ම කාපු කප්කේක් එකේ රසම තාමත් දැනෙද්දී...

ඔව් මේ නෝට් වගේම කප්කේක් ට්‍රේ ලැබෙන්නෙ දැනට අවුරුද්දකට කිට්ටු කාලෙක ඉදල...කෙනා කවුද කියල හොයාගන්න ටේහයුන්ග් කොච්චර උත්සාහ කරත් බැරි වෙද්දී ටේහයුන්ග් බලන් හිටිය දවසක ඒ කෙනා තමන් ඉස්සරහට එනකම්...එතකම් ඒ කෙනාට බල කරන්නෙ නැතුව ඉන්නත් වෙන සම්බන්ධයක් පටන් නොගෙන ඉන්නත් ටේහයුන්ග් තීරණය කරල තිබුනෙ මේ පුංචි නෝට් හෙමීට හෙමීට තමන්ගෙ හිත හොල්ලපු නිසා...

අද වගේ කාලෙක කටින් ආදරෙයි කියන්න දාහක් දෙනා හිටියත් ආදරෙයි බව ඔප්පු කරන්න පුලුවන් අය අතේ ඇගිලි ගානටත් අඩු වෙද්දී අවුරුද්දකට වැඩිය කාලෙක ඉදල තමන්ට දුර ඉදල ආදරේ කරන මේ කෙනා ගැන ටේහයුන්ග්ගෙ හිතෙත් ටේහයුන්ග්ට නොදැනීම ආදරයක් ඇති වෙලා තිබුනා...

ෆෝන් එකට ආපු මැසේජ් බලපු ටේහයුන්ග්ට හිනා ගියේ පුරුදු පරිදි තමන්ගෙ යාලුවො සෙට් එක එන්න පරක්කු වෙනව කියල තියෙද්දී...කට්ටිය කපල් දාල කලින් දවසෙ රෑ ඇවිදින්න ගියත් ටේහයුන්ග් එයාලට එකතු නොවුනෙ කපල් අතරෙ තනි වෙන්න හිත දුන්නෙ නැති නිසා...

යාලුවො එනකම් ලයිබ්‍රි එකට යන්න තීරණය කරපු ටේහයුන්ග් උදේට දෙතුන් දෙනෙක් විතරක් ඉන්න ලයිබ්‍රි එකේ පොත් රාක්ක අතරින් පොතක් තෝර තෝර යන්න ගත්තට තමන් දිහා කවුරු හරි බලන් ඉන්නව වගේ දැනෙද්දී ඔලුව උස්සල ඉස්සරහ බලපු ටේහයුන්ග්ට දකින්න පුලුවන් උනේ පොත් රාක්කෙ තමන්ට ඉස්සරහින් පොත් අතරින් තමන් දිහා බලන් ඉන්න බෝල් ඇස් දෙකක්...ඇස් වල ගෑවෙන්න වගේ නලලට කොණ්ඩෙ වැටිල තිබුන ඒ රූපෙ ලස්සනයි කියල ටේහයුන්ග්ගෙ හිත කෑ ගහද්දී ඒ කෙනාව අල්ලගන්න ටේහයුන්ග් ඉක්මනට පොත්රාක්කෙ අනිත් පැත්තෙන් ආවත් ඒ කෙනා ඒ වෙද්දී හොයාගන්න නැතුව තිබුනෙ ටේහයුන්ග්ගෙ බලාපොරොත්තු ආපහු බිදල දාල...

He Is A DivaWhere stories live. Discover now