𝙿𝚊𝚛𝚝 <4>...

547 122 56
                                    


යුනිවර්සිටි එක ඇතුලට ආපු ටේහයුන්ග් හෙමීට ඉස්සරහට ඇවිදගෙන යන ගමන් ලයිබ්‍රි එක පැත්තට ගියේ තමන්ට උදේ වරුවේ ලෙක්චර්ස් නැති නිසා...

කරන්න යන දේට හිත සන්සුන් කරගන්න උදෙන්ම ආවත් තාමත් ටේහයුන්ග්ට හිතේ කලබල ගතියක් දැනුනා...

ලයිබ්‍රි එකට ආව ටේහයුන්ග් කොනේම මේසෙ වාඩිවෙලා පුටුවට හේත්තු වෙලා ඇස් පියාගෙන ඊයෙ රෑ තමන් ගත්ත තීරණේ ගැන ආපහු කල්පනා කරන්න දෙයක් නැතත් කල්පනා කරේ හිතේ නොසන්සුන්කම යවාගන්න...

ටාරාව බස්සලා ගෙදර ආපු ටේහයුන්ග් රෑට නිදාගන්න ගියත් ටේහයුන්ග්ගෙ ඇස් පියවුනේ නැත්තෙ ටාරා තමන්ට ආපහු කල්පනා කරල බලන්න කියපු විදිය මතක් වෙලා...

කාමරේ බැල්කනි එකට ආපු ටේහයුන්ග් හීතල හුලග තමන්ගෙ නිරුවත් උඩුකයේ වැදෙන්න දෙමින් බැල්කනි එකේ යකඩ වැටට බර වෙලා අහස දිහා බලන් හිටියෙ කවදත් ඒ තරු පිරුණ අහස තමන්ව සන්සුන් කරන නිසා...

ටාරා කියන්නෙ තමන් හොයපු කෙනා නෙවෙයි බව ටේහයුන්ග්ට තවත් කල්පනා කරන්න ඕන උනේ නැත්තෙ ඒ කෙනාගෙ ඇස් මට්ටම නිසා...ටාරා අඩි උස සපත්තු දැන්මත් තමන්ගෙ ඇස් මට්ටමට උස වෙන්නෙ නැති බව ටේහයුන්ග්ට විශ්වාසයි...එහෙනම් ඒ කෙනා බෝයි කෙනෙක්...මේ යුනිවර්සිටි එකේ 6'1 ක් උස ගෑනු ලමයි ඉන්න බැරි බව ටේහයුන්ග්ට පැහැදිලි අහස වගේම තේරෙද්දී ඒ කෙනා පිරිමි ලමයෙක් බව ටේහයුන්ග්ට තේරුනා...

තමන්ගෙ මේසෙ ලගට ආව ටේහයුන්ග් ලාච්චුව ඇරල ඒක පිරෙන්න තිබුන එක එක පාට චිට් ඔක්කොම මේසෙ උඩට දැන්මා...තාමත් ඒ වචන තමන්ගෙ හිත හොල්ලනව ටේහයුන්ග්ට දැනුනා...

ඒ කෙනා පිරිමි ලමයෙක්...ටේහයුන්ග්ට ආදරේට ගෑනු පිරිමි බේදයක් බලපෑවෙ නෑ...ඒ කෙනා කවුරු උනත් ඒ කෙනාට ආදරේ දෙන්න ටේහයුන්ග් බලාගෙන හිටිය...ඒත් ටාරාගෙ හිනාව ඒ ලස්සන මූණ මතක් වෙද්දී ටේහයුන්ග්ගෙ තොල් අතර ලා හිනාවක් ඇදුනා...හැමදේම වෙන්නෙ හොදට...තමන්ට ඒ කෙනා පිරිමි ලමයෙක් කියන එක ප්‍රශ්නයක් නොවුනත් පවුලෙ එකම ලමය උන තමන් තව කොල්ලෙක් එක්ක ආදරේ කරනව දකින්න අම්මල අකමැති වෙන බව ටේහයුන්ග්ට අමුතුවෙන් හිතන්න ඕන උනේ නෑ...තමන්ගෙ ආදරේ ටාරාට පවරපු එක අහම්බයක් උනත් ඒක හොදම තීරණයක් හැම අතින්ම...තමන්ගෙ අම්ම ටාරාව දැක්කම හැසිරෙන විදිය දැන් ඉදලම හිතේ මවාගත්ත ටේහයුන්ග් තොල් අතර හිනාවක් තියාගෙනම ලයිටර් එක අතට ගත්තා...

He Is A DivaWhere stories live. Discover now