𝙿𝚊𝚛𝚝 <12>...

725 109 77
                                    

ජන්ග්කුක්ට තේකක් හදන්න කිචන් එකට ආව ටාරාට මතක් උනේ ජන්ග්කුක්ගෙ තොලේ කොනක් තුවාල වෙලා තොල් ලාවට ඉදිමිලා තිබුන විදිය...

කේතලේ වතුර උතුරද්දීත් ජන්ග්කුක් ගැනම කල්පනාවෙන් හිටපු ටාරා ගැස්සිලා ගියේ යූරා ඇවිත් තමන්ගෙ උරහිසෙන් අල්ලපු නිසා...

" අම්මෙ..."

" මොකද කල්පනාව...වතුර නටනව ඔන්න "

යූරා දිහා බලල ලාවට ඔලුව වනපු ටාරා ගෑස් එක ඕෆ් කරලා තේ එක හදන්න ගත්තෙ යූරා තමන්ගෙ දුව දිහා බලාගෙන ඉද්දී...

" ලොකූ , ප්‍රශ්නෙකද ඉන්නෙ?"

" නෑ අම්මෙ...එහෙම අවුලක් නෑ"

" මොනවද එහෙනම් ඔච්චර හිතන්නෙ කේතලේ රත් වෙලා බව දකින්නෙත් නැතුව? "

" ලොකු දෙයක් නෑ අම්මෙ...මේ යුනි එකේ වැඩක් ගැන හිතුවෙ"

" ටේහයුන්ග් පුතා එක්ක ප්‍රශ්නයක් වත්ද...රණ්ඩු කරාද දෙන්න එක්ක"

" අනේ නෑ අම්මෙ...ටේ එක්ක මොන රණ්ඩුද...එයා වචනෙකින්වත් වැරැද්දක් කරන්නෙ නෑ මට"

" හ්ම්...එහෙම නම් හොදයි...ඒත් ලොකූ ඔය ආදරේ කරද්දී පොඩි පොඩි රණ්ඩු ඇති වෙන එක සාමාන්‍යයි...අපිට සීයට සීයක් ගැලපෙන මිනිස්සු මවල නෑනෙ...උපරිමේට ගැලපෙන කෙනා හොයාගෙන ඉතුරු නොගැලපීම් ඉවසගෙන ගලපගන්න ඕන...කෙල්ලෙක් නිසා ඒ වගකීම ඔයාට වැඩියි ලොකූ...කොල්ලොන්ට එච්චර ඒව ගැන තේරුමක් නෑ...දැන් ජන්කූ උනත් බලන්න...එයාගෙ අදහස හරි කියල විතරමනෙ හිතන්නෙ...එතකොට ඔයා පොඩ්ඩක් ඉවසල ඉන්න ලොකූ...ඔය රණ්ඩු එහෙම අඩු වෙනව එතකොට "

" ටේ ඒකෙ අනිත් පැත්ත අම්ම...මගෙ අදහසට ඉඩ දෙනව ටේ මොනව උනත්"

" ලොකූ වාසනාවන්ත වෙලා එහෙනම්...මගෙ කෙල්ල කාටවත් වැරැද්දක් කරනව කියලද...වාසනාවන්ත වෙන්න එපැයි ඉතින්"

ටාරා අම්ම දිහා බලල හිනා වෙද්දී ටාරාගෙ ඔලුව අතගාපු යූරා එතනින් ගියේ ටාරා ජන්ග්කුක්ට තේක හදන්න ගනිද්දී...

He Is A Divaजहाँ कहानियाँ रहती हैं। अभी खोजें