𝙿𝚊𝚛𝚝 <5>...

651 130 159
                                    

ටේහයුන්ග්ගෙ කාර් එක වේගෙන් ඇවිත් හොස්පිට්ල් එක ඉස්සරහ නවත්තපු විදියට ඇතුලෙ හිටපු ගාඩ්ලයි නර්ස්ල දෙන්නෙකුයිත් එලියට ඇවිත් බැලුවෙ එයාලට හදිසි ලෙඩෙක් අරගෙන ඇවිත් කියල හිතල...

ඒත් එක්කම තව කාර් එකකුයි බයික් එකකුයිත් ඇවිත් නැවැත්තුවම කට්ටිය පුදුම වෙලා බලන් හිටියෙ වාහන තුන රේස් එකකට වගේ ආව නිසා...

ඉක්මනට කාර් එකෙන් බැස්ස ටේහයුන්ග් ටාරා එක්ක ඇතුලට යද්දී අනිත් අයත් ඒ පස්සෙන්ම ඇවිත් ඇතුලට ගිහින් රිසෙප්ෂන් එක ලග නැවතුනා...

" ජියෝන් ජන්ග්කුක් කියන පේෂන්ට්ගෙ රූම් එක මොකක්ද...දැන් පොඩ්ඩකට කලින් අපිට කෝල් එකක් ආව එයා හැප්පිලා මෙහෙට ඇඩ්මිට් කරා කියල"

කට්ටියගෙ හදිස්සිය දැකපු රිසෙප්ෂනිස්ට් ඉක්මනට ලැප් එක චෙක් කරල එයාල දිහා බැලුවා...

" එයා emergency වෝඩ් එකේ ඇත්තෙ...බෙඩ් නම්බර් 42  "

කට්ටිය රිසෙප්ශනිස්ට තෑන්ක්ස් කරන්නෙවත් නැතුව ඉක්මනට ඉමර්ජන්සි වෝඩ් එක හොයාගෙන දුවගෙන ගිහින් වෝඩ් එකට ඇතුලට ඇවිත් ඇදවල් දිහා බැලුවෙ ජන්ග්කුක්ව හොයන ගමන්...

එතන ඉන්න තුවාලකාරයෝ දැක්කම ටාරාට බය එක්ක ඒ දිහා බලන්න අප්‍රසන්න ගතියක් දැනෙද්දී ටාරා ටේහයුන්ග්ට කිට්ටු උනා...ටාරාගෙ අත තදට අල්ලගෙන වෝඩ් එකේ අනිත් කොටසට ගිය කට්ටියට ජන්ග්කුක්ව හොයාගන්න පුලුවන් උනා...

ඒත් එයාල හිතුව වගේ ජන්ග්කුක්ට බරපතල තුවාල තිබුනෙ නැති උනාට ජන්ග්කුක්ගෙ වම් කකුල දණහිසෙන් පහල බැන්ඩේජ් කරල තිබුන වගේම එතන ඩොක්ට කෙනෙකුයි තව මැදි වයසෙ මනුස්සයෙකුයි හිටියා...

තමන්ගෙ පැත්තට එන කට්ටියකගෙ අඩි සද්දෙ ඇහුනම ඒ පැත්ත බලපු ජන්ග්කුක් හැමෝම එනව දැකල කලබල වෙලා ඇද දිහා බලාගත්තම ජන්ග්කුක් ලගට දුවල ගිය ටාරා ජන්ග්කුක්ව බදාගත්තා...

" ඔයාල මේ ලමයගෙ බාර කාරයො නේද?"

ටාරා ජන්ග්කුක්ව බදාගෙන අඩද්දී ඒ දිහා බලල ජන්ග්කුක්ට රවපු ටේහයුන්ග් ඩොක්ටට උත්තර දුන්නා...

He Is A DivaWhere stories live. Discover now