𝙿𝚊𝚛𝚝 <3>...

535 125 42
                                    

දවල් වෙද්දී ලෙක්චර් එක ඉවර කරල ආපු ටාරා බිල්ඩින් එකෙන් එලියට ඇවිත් වටපිට බැලුවෙ ටේහයුන්ග් කිව්ව වගේම ඉන්නවද බලන්න...

ඒත් එක පාරටම කන ලග ' බූහ් ' කියල ඇහුන සද්දෙට ටාරා බය වෙලා කෑ ගැහුවෙ ටේහයුන්ග් බඩ අල්ලගෙන හිනා වෙද්දී...

" අනේ ටේ !!...මොකක්ද අනේ...ඔයා හරි නරකයි"

හිනාව නවත්තගත්ත ටේහයුන්ග් ඒත් බාගෙට හිනා වෙන ගමන් ටාරා ලගට ආවා...

" හරි හරි චූටි...ඉතින් විහිලුවක්නෙ කරේ ..."

" ශෝක් විහිලුව...හුම්"

ටාරා මූණත් බෙරි කරගෙන අහක බලාගද්දී ටේහයුන්ග්ට හිතුනෙම ටාරාගෙ කම්මුල් අල්ලගෙන පොඩි කරන්න...ඉතින් ටේහයුන්ග් එයාගෙ හිතට ආපු දේ ක්‍රියාත්මක කරා...

ටාරාගෙ කම්මුල් දෙක අල්ලගත්ත ටේහයුන්ග් ටාරාගෙ මූණ ලාවට හෙලෙව්වෙ ටාරා ඇස් උඩට කරල ටේහයුන්ග් දිහා බලද්දී...ටාරාගෙ හුරතල් පෙනුමට ටේහයුන්ග්ට ටාරාගෙ මූණ හොලවන්නත් අමතක වෙද්දී ටේහයුන්ග් එහෙමම ටාරා දිහා බලන් හිටියා...

" ඇචි ...න්වට්ටන්න..."

" මොකක්ද?"

ටේහයුන්ග් තමන්ගෙ කම්මුල් අතාරින්නෙ නැතුවම මොකක්ද කියල අහද්දී ටාරා ටේහයුන්ග්ගෙ අතට තට්ටුවක් දැන්මෙ ටේහයුන්ග් ඉක්මනට අත් දෙක ගද්දී...

ඒත් දැන් රතු වෙලා තියෙන ටාරාගෙ කම්මුල් වලට ඇගිල්ලෙන් ඇන්න ටේහයුන්ග් ආපහු හිනා වෙද්දී ටාරා ටේහයුන්ග්ට ගස්සලා යන්න ගත්තෙ ටේහයුන්ග් ඉක්මනට ටාරාගෙ පස්සෙන් යද්දී...

" සොරි චූටි ඉතින්...ඔයා ගොඩක් කියුට්නෙ...මට ඔයාව අල්ලල ගිලින්න හිතෙනව"

ටේහයුන්ග් කියපු දේට ටාරා මූණත් රතු කරගෙන යද්දී ටේහයුන්ග් හෙමීට ටාරාගෙ අත අල්ලගත්තෙ තනියම හිනා වෙන ගමන්...

දෙන්න එක්ක ඒ දෙන්නගෙ ලෝකෙ කාර් එකට ගියාට යුනි එකේ group හැම එකකටම මේ වෙද්දී ඒ දෙන්නගෙ ෆොටෝ ෂෙයා වෙලා ඉවරයි...

He Is A DivaWhere stories live. Discover now