𝙿𝚊𝚛𝚝 <8>...

683 125 110
                                    


බයික් එක හප්පගෙන සතියකුයි දවස් තුනකටයි පස්සෙ ජන්ග්කුක්ට ආපහු වෙනද වගේම කකුල බිම තියල කොර ගහන්නෙ නැතුව ඇවිදින්න පුලුවන් උනා...

කකුලෙ තුවාල කැලල විතරක් ඉතුරු වෙලා තියෙද්දී අද ජන්ග්කුක් යුනිවර්සිටි යන්න තීරණය කරා...

ටාරාත් උදේ ජන්ග්කුක් එක්කම යන්න ලෑස්ති උනේ දෙන්නට එකම වෙලාවෙ ලෙක්චර්ස් පටන් ගන්න වැටිල තිබුන නිසා...
ජන්ග්කුක් ලෑස්ති වෙලා බයික් එක ස්ටාට් කරගෙන බලාගෙන හිටියෙ තාම ටාරා නැති නිසා...

ටික වෙලාවක් හිටිය ජන්ග්කුක් දිගටම හෝන් කරන්න ගත්තෙ ගේ ඇතුලින් ටාරා ජන්ග්කුක්ට කෑ ගහද්දී...

" ඔය කරච්චලේ නවත්තන්න ජන්කූ !!...අහල පහල මිනිස්සු බලයි ඔයාට පිස්සුද කියල"

ඒත් ජන්ග්කුක් දිගටම හෝන් කරද්දී දොර වහගෙන එලියට ආපු ටාරා ජන්ග්කුක් ලගට ඇවිත් ජන්ග්කුක් හෙල්මට් එක දාගෙන හිටියත් ජන්ග්කුක්ට ඔලුවට පාරක් ගැහුවෙ ජන්ග්කුක්ට හෙල්මට් එකත් එක්ක ඔලුව දෙදරල යනව වගේ දැනෙද්දී...

" ආව්...උදේම ගහන්න එපා අක්කෙ"

" ගහන්න නෙවෙයි වටින්නෙ...තනියම කෑම එක කාල ලෑස්ති වෙනව නම් මම උදේට පරක්කු වෙන්නෙ නෑනෙ...අලි බබා වගේ කවනකම් බලාගෙන ඉන්නව...ඊලඟට මටම හෝන් කරනව...අඩුම දොරවල් ටික වහන්න උදව් කරානම් හෝන් කරාට කමක් නෑ...ආපහු හෝන් කරොත් මම තාත්තට කියනව...හුම්..."

ටාරා ජන්ග්කුක්ට රවාගෙන කියවන ගමන් හෙල්මට් එක දාගෙන බයික් එකට නගිද්දී ජන්ග්කුක් ටාරාට ආපස්සට මොකුත්ම කියන්න ගියේ නැත්තෙ ටාරා කියන දේ ඇත්ත නිසා...

අම්මයි තාත්තයි දෙන්නම උදේම වැඩට යද්දී උදේට කන්න කම්මැලි ජන්ග්කුක්ට ටාරා දවසක් දෙකක් කැව්වම ජන්ග්කුක් ඒක පුරුද්දකට තියාගත්ත...ටාරා කවල ඉවර වෙනකම් ඇදගෙන ඇවිත් කෑම මේසෙ උඩ වාඩිවෙලා ඉන්න ජන්ග්කුක් ඊලඟට එහෙමම බයික් එක එලියට අරගන්නෙ ටාරාට ගෙදර වගකීම ඔක්කොම බාර දීල...ඒත් ටාරා අද වෙනකම් ජන්ග්කුක්ට ඒ ගැන මොකුත්ම වැරැද්දක් කියල තිබුනෙ නෑ...

He Is A DivaWaar verhalen tot leven komen. Ontdek het nu