ƈԋαρƚҽɾ 11

676 116 26
                                    

" මම? පිස්සුද? "

" නෑ මමනේ.. බලනවකො මේ කම්මුල් රතු වෙලා.."

මම එයාගෙ කම්මුල අල්ලන් ඉඳපු අත අහකට කරලා කම්මුල් වලට අත් දෙකෙන් තට්ටු කරගන්න ගමන් එයා ආයෙම කතා කරේ තරහින් වගේ..

" Don't you dare touch me again "

මූණෙන් තරහක් පෙන්නුවට මොකද එයාගෙ කටහඬේ තිබුනෙ වෙවුලන ගතියක් කියල මට හිතුනා...

ඔට්ටුව පැත්තක... අපි දෙන්නටම ඒක ගැන ගානක් තිබ්බෙ නෑ.. මේ කොල්ලව තව චුට්ටක් අවුස්සලා බලමු කියල කියන හිතට සාධාරණයක් කරන්න ඕනෙ උන නිසාම කට කොණකින් හිනාවෙලා මම ආයෙම කතා කරා..

" ඇයි ආයෙ ඇල්ලුවොත් තමුසෙ මට මොනා කරන්නද? "

" මරනවා.."

ඒක කියලා ඉවර වෙනකොටම එයාගෙ ඉන වටේට අත යවලා එයාගෙ මූණට එබුනෙ ඊලග රියැක්ශන් එක මොන වගේද බලන්න..

කෙනෙක්ගෙ මූණෙ තප්පර කීපෙකින් කීපෙකට මූඩ් ස්වින්ග්ස් වෙන හැටි බලන් ඉන්න එක මෙච්චරම ඉන්ට්‍රෙස්ටින්ග් දෙයක් කියලා මම කවදාවත් හිතලා තිබ්බෙ නෑ.. මොකද මෙච්චර ලඟට, මෙච්චර උමනාවෙන් මම කිසිම කෙනෙක්ගෙ මූණෙ ලියවෙන ෆීලින්ග්ස් මොන වගේද කියලා මීට කලින් කියවල තිබ්බෙත් නෑ..

තරහක් ලියවිලා තිබ්බ එයාගෙ ඇස් වල මේ වෙද්දි තිබ්බෙ පොඩි බයක් මික්ස් වෙච්ච ලැජ්ජාවක් කියලා මට හිතුනා..

" දැන් මොකද කියන්නෙ? මොකද මේ කට වැහිලා ම්ම්ම් ?? "

වචනයක්වත් නොකියා මගෙ දිහා බලන් ඉන්න එයාගෙන් මං ඇහුවෙ ඒ ඇස් දිහා බලාගෙන..

මට මෙච්චර ස්වීට් විදියට කතා කරන්නත් පුලුවන්ද දෙයියනේ? ඕව දැනගන්න මං කාටවත් ඔහොම කතා කරල තියෙන එකක්‍ යෑ.. ඊයා නුවේද් උබට ඔය ටෝන් එක කොහෙත්ම ගැලපෙන්නෙ නෑ.. මොන විකාරයක්ද කරන්නෙ..?

ඒකට උත්තර මං ගාව තිබ්බෙ නෑ.. දැනගන්න ඕනෙ උනෙත් නෑ..

තප්පර ගානක්.. නෑ.. විනාඩියක් දෙකක් යනකන් දෙන්නම කතා කරේ නෑ.. හැබැයි නිහඬව ගෙවිච්ච ඒ පුංචි වෙලාව ඇතුලෙ වචන වලට එහා ගිය නමක් නොදන්න හැඟීමක් මගෙ හිත ඇතුලෙ ලියවෙන ගමන් තිබ්බෙ කියලා විතරක් මට කියන්න පුලුවන්..

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Where stories live. Discover now