ƈԋαρƚҽɾ 38

424 65 71
                                    

ඇත්තටම නුවේද්ව ගැස්සුනා.. ඒ කටහඬ එක මොහොතකට නුවේද්ට වචන නැති කරා.. ආපු කෙනා කවුරු උනත් එයා කිව්වෙ ඇත්ත. නුවේද් ගාව තාමත් පොඩි බලාපොරොත්තුවක් තිබුනා පරක්කු වෙලා හරි හසරැල්ගෙන් විශ් එකක් ඒවි කියලා. නැහැයි කියන්නෙ කොහොමද ? ඒත් ඇත්ත කියන්න මේක සුදුසුම වෙලාවද ? කොහොමටවත් නෑ. ඉතින් නුවේද් කරේ හිනාවක් මූණට අරගත්තු එක. අර upset feeling එක හංගගන්න ට්‍රයි කරපු එක..

" පිස්සුද බං.. එහෙම එකක් නෑ.. "

අර හිනාව පොඩ්ඩක්වත් වෙනස් නොකරයි එයා කතා කළේ. හැබැයි අයේශ් , එහෙමත් නැත්තම් මේ වෙලාවෙ නුවේද්ගෙ එහා පැත්තෙ ඉඳන් ඉන්න කෙනා ඒක පිළිගත්තු බවක්නම් පේන්න තිබ්බෙ නැති පාටයි.

" මචන් ඔය නෑ නෑ කියන දේවල් තියෙනව නේද.. අන්න එහෙම තැන්වල අනිවා මොනාහරි දෙයක් තියෙනවමයි.. "

විහිලුවක ස්වරූපයෙන් කිව්වට අයේශ් ඒක ඇත්තටමයි කිව්වෙ කියන්න නුවේද් නොදන්නවා නෙමෙයි.හැබැයි එයා ඒක නොතේරුන ගානටම හිටියෙ තවත් කතාව දුර දිග ඇදෙයි කියලා හිතලා වගේ. ඔතන සෙට් එකෙන් ඔය ටික කාලෙට නුවේද් එක්ක වැඩිපුර ෆිට් උන කීප දෙනෙක් හිටියා. අයේශ් කියන්නෙත් අන්න ඒ කීපදෙනාගෙන් එක්කෙනෙක්..

" හැබැයි බං මෙහෙම එකක් තියෙනවා.. "

නුවේද් ඇස් අයේශ් දිහාවට යැව්වෙ ඒ මොකද්ද කියල උත්තරයක් බලාපොරොත්තුවෙන් වගේ.

" අපි හිතන් හිටියෙනම් ශශීගෙයි උබගෙයි මොකක් හරි ජිරිබිරිස් එකක් තියෙනවා කියලා.. හැබැයි උබ මෙහෙම ඉන්නව දකිනකොට ඒක එහෙම නෙමෙයි කියලා හිතුනා.. "

" යකෝ ඒකි මගෙ හොඳම යාලුවා ස්කෝලෙ කාලෙ ඉඳන්ම..  වෙන මගුලක් නෑ.. "

මේ වතාවෙනම් ඒක බොරුවක් නෙමෙයි කියන එක අයේශ්ට උනත් තේරෙන්න ඇති නුවේද්ගෙ ටෝන් එකෙන්ම.

එයා ඔලුව වනලා නුවේද්ගෙ එහා පැත්තෙ තිබ්බ වතුර බෝතලේ අරගත්තෙ නුවේද් ආයෙම ෆෝන් එකට ඔලුව ඔබාගන්නකොට.. ඉතින් විනාඩි දෙක තුනකට කලින් හසරැල්ගෙ නමින් ආපු මැසේජස් දෙකක් Notification bar එකේ පෙන්නනකොට චැට් එක ඕපන් කරන්න කලින් එතනට ආපු භානුක නුවේද්ටයි අයේශ්‍ටයි කතා කරේ එයාලගෙ බ්‍රේක් එක ඉවරයි කියලා දැනුම් දෙන්න වගේ.

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Where stories live. Discover now