ƈԋαρƚҽɾ 34

611 79 84
                                    

" පපා.. Dinner එකට එලියට යමුද ? "

ගෙදර ආවට පස්සෙ සුදූ එක්කත් කතා කරලා අමායයි පපයි දෙන්නම ඉන්න තැනක නුවේද් එහෙම ඇහුවෙ මිහිඳු කියපු දේවල් ගැන හිතලා එයා ගත්තු තීරණේ ක්‍රියාත්මක කරන්න පලවෙනි ස්ටෙප් එක විදියට..

" කාලෙකින් කොහෙවත් ගියෙත් නෑනෙ.සුදූටත් එපාවෙලා ඇත්තෙ ගෙදර ඉඳලම.. ප්ලීස් පපා බෑ කියන්නනම් එපා "

පපා මුකුත් කියන්න කලින් එයා ඒකට තව ලුණු ඇඹුල් ටිකක් වැඩියෙනුත් දැම්මා.

" අද බෑ. ගමනක් යන්න තියෙනවා. වෙන දවසක යමු.. "

විනාඩියක්වත් යන්න කලින් නුවේද්ගෙ ඉල්ලීම එහෙම ප්‍රතික්ෂේප වෙනකොට සුදූ මුකුත්ම නොකියා කාමරේට ගිහින් දොර වහගත්තෙ මං නම් ඕක වෙන බව දැනන් හිටියෙ කියන්න වගේ බැල්මක් නුවේද්ගෙ දිහාවට පා කරලා.

" මොකද්ද පපා.. ඔයාට අපි වෙනුවෙන් පොඩි වෙලාවක්වත් වෙන් කරන්න බැරිද ? "

" නුවේද්.. පපා එක පාරක් කිව්වනෙ. වෙන දවසක යමු.. හෙට හරි.. අද පපාට බෑ කියන්නෙ හේතුවක් තියෙන නිසානෙ.. "

පැත්තක ඉඳපු අමායත් කතාවට එකතු වෙද්දි අනුරාධ අමායගෙ දිහාවට ස්තූතිපූර්වක බැල්මක් පා කරන හැටි නුවේද්ගෙ ඇස් වලට අහු වෙනකොට නුවේද්ට ඇති උනේ නොරිස්සුමක් විතරයි.

" හෙට ඉඳන් මන් ආයෙ ප්‍රැක්ටිස් යන්න ඕනෙ. එකම එක දවසකට අපිව ඩිනර් එකකට  එක්කන් යන්න බැරි තරම් ඔයාගෙ බිස්නස් අපිට වඩා ලොකුද ? පේන්නෙ නැද්ද අපිට අපිව මග ඇරිලා තියෙන හැටි ? නැත්තම් පෙනිලත් ඔයාට ඒ ගැන ගානක්වත් නැද්ද ? "

අනුරාධ ඒකට උත්තර දුන්නෙ නෑ. එයා කරේ ලොකු හුස්මක් හෙළලා නිහඬ වෙච්ච එක විතරයි.

එයා අරගත්තු තීරණේ ගැන ආයෙම වතාවක් සැකයක් ඇති වෙනකොට නුවේද් ගියෙ සුදූව හොයාගෙන.

ඒ අතරෙ අනුරාධ හිටියෙ එයාගෙ අත් අස්සෙ මූණ හංගගෙන.. දැන් ටිකකට කලින් මූණෙ තිබිච්ච අර රලු පෙනුම කොහෙදෝ ගහගෙන ගිහින් වගේ..

" මං පරක්කු උනා.. මේව තේරුම් ගන්න.. ඒත් හැමදේම තේරෙනකොට ජීවිතේ මාව කොහෙටද මේ අරන් ඇවිත් තියෙන්නෙ අමා ? ඇයි මං මෙච්චර අසරණ උනේ ? "

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα