ƈԋαρƚҽɾ 18

663 97 27
                                    

සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට...
නුඹ ඈත ඉඳන් ඇවිදින්...
මගේ පාලු හිතට...මනමාල කතා කියමින්...
මනමාල කතා කියමින්...

අද සීත සුලඟ...මදහාස නගන විට...
හිත කෝල උනිද මෙතරම්.....
ඒ දැනුම හැඟුම නොදනිම්...
සඳ රේණු ගලන..සඳ රෑක සිහිනයට...
නුඹ ඈත ඉඳන් ඇවිදින්...
මගේ පාලු හිතට...මනමාල කතා කියමින්....
මනමාල කතා කියමින්....

ඔය වාසනාව...නෙතු දෑල දුලන ඒ...
හිත කීරි ගැහෙන හැටිනම්....
ඒ හැඟුම කෙලෙස පවසම්....
සඳ රේණු ගලන.....සඳ රෑක සිහිනයට...
නුඹ ඈත ඉඳන් ඇවිදින්...
මගේ පාලු හිතට....මනමාල කතා කියමින්....
මනමාල කතා කියමින්....
මනමාල කතා කියමින්...
මනමාල කතා කියමින්...

මං හිටියෙ ගෙදර ඇවිත් හසරැල්ට යවපු සින්දුව ආයෙම අහන ගමන්.. මේ වෙලාවෙ මගෙ හිතේ තිබ්බ හැඟීම් සේරම ඒ සින්දුවෙ ලියවිලා තිබුනා.. මේ සින්දුව එයාට යවන්න අදහසක් මගෙ හිතේ කොනකවත් තිබ්බෙ නෑ.. ඒත් ඉතින් මට දැනිච්ච දේවල් එයාට වචනෙන් විස්තර කරල කියන්න බැරි නිසා ඒ වෙලාවෙ ආපු ශනික අදහසකට ඕක යැව්වට මොකද මේ මනුස්සයා ඕක බලලා මාව අනිත් අතට බ්ලොක් කරලා දායිද දන්නෙත් නෑ.. ඒ තරම් ඩයල් එකනෙ..

හැබැයි මේ වෙනකනුත් එයා ඕක සීන් කරලවත් තිබ්බෙ නෑ.. කමක් නෑ තවම දහයයි හතලිස් පහයි.. එයා හෙට වෙන්න කලින් ඕක බලයිනෙ.. එහෙම හිතලා මං හිත හදාගත්තා..

හිත හදාගත්තයි කිව්වට එහෙම නැද්ද කොහෙද.. එයා ඒක බැලුවෙ නැත්තම් ? ඔන්න ප්‍රශ්නයක් !

තියෙන ප්‍රශ්න මදිවට බලන්න ඉතින් ආයෙ ඔලුවට කඩාපාත් වෙන ප්‍රශ්න.. බෑ අප්පා මේක කරන්න.. මේ කොහෙදෝ ඉන්න කොල්ලෙක් ඇවිත් කරපු හරියක් බලන්නකො ඉතින්.. දෙයියොම බලන්නෝනෙ මෙව්වා...

ඒ උනත් මේක මං පිලිගන්නම ඕනෙ..හසරැල් ලග ඉන්නකොට දැනෙන නිදහස් , සැහැල්ලු හැඟීමට මං මාර කැමතියි.. එයා ලඟදි හිතේ තියෙන සමහර දෙවල් ලිමිට් නැතුව වචන වෙලා එලියට පනින එක වෙනම කතාවක්.. හැබැයි එයා ලඟ ඉන්න තප්පරවලට ලෝබ හිතෙනවා.. අද ඉදපු විදියටම හැමදාටම එයාව මගෙ ලඟින්ම තියාගන්න හිතෙනවා.. එයාව පොඩ්ඩක් අවුස්සලා අර තරහෙන් රතු වෙන මූණ, ඒ වෙලාවට මූණෙ ඇඳෙන රැවිල්ල බලන්නෝනෙ වගේ හිතෙනවා..

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]حيث تعيش القصص. اكتشف الآن