ƈԋαρƚҽɾ 16

648 108 47
                                    


පන්සලට දානෙ අරගෙන ගිහින් ඒ වැඩත් කරල ඉවර වෙලා එනකොට දවල් 12.30 විතර උනා.. හවස බෝධි පූජාවක් එක්ක කවි බණක් තියෙනවයි කියලා ලොකුඅම්මට යන්නම ඕනෙ කිව්වා.. එයා යනව කියන්නෙ ඉතින් සුදූවයි මාවයි දෙන්නවත් ඇදගෙන තමා යන්නෙ.. එක තැන ඉඳන් ඉන්නවා කියන්නෙම මට අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක් දෙයියනේ.. එහෙමයි කියලා නොයා ඉන්නත් බෑනෙ.. යන්නම වෙනවා..

හවස් වෙනකන් කරන්න වැඩකුත් නෑ.. සුදූටත් පාඩම් කරන්න බෑ කියලා ලොකුඅම්මගෙන් බැනුම් අහ අහ බැලුවා ෆිල්ම් එකක්.... කාල බීලා පොඩි නින්දකුත් දාලා 5.30 වගේ වෙද්දි ලෑස්ති උනේ ආයෙම පන්සල් යන්න..

අපි යනකොට ලොකු සෙනගක්නම් හිටියෙ නෑ.. ලොකුඅම්මා සුදූ එක්ක බෝධි පූජාවට සේරම ලෑස්ති කරන්නය කියලා තව ඇන්ටිලා කීපදෙනෙක් එක්ක අතුරුදහන් උනා.. 6.30 විතර වෙනකොට සේරම ලෑස්ති කරලා තිබුනෙ බෝධි පූජාව පටන් ගන්න.. ඒ වෙද්දි සැලකිය යුතු තරම් සෙනඟකුත් ඇවිල්ලයි හිටියෙ..

මල් වට්ටිවලට වෙනම හදලා ඉවර වෙලා ඉතුරු වෙච්ච මල් වගේකුයි, අරන් ආපු පොඩි තෙල් බෝතලයක් එක්ක පහන් වැටි පැකට් එක්ක අරගෙන සුදූ ඇවිල්ලා මාවත් එක්කන් බෝධිය යට තිබුණු පහන් වැට ළගට ගියා... පහන් පත්තු කරලා මලුත් පූජා කරලා බෝධි පූජාව පටන් ගන්නකන් සුදූ හිටියෙ මං එක්ක.. ලොකුඅම්මට ඉතින් ඕප දූප කියවන්න සෙට් එකක් හම්බෙලානෙ.. දන්නවනෙ ඉතින් කට්ටිය සෙට් උනාම..

කොහොමහරි 7.30ට බණ පටන් ගන්නත් තියෙන නිසාම බෝධි පූජාව ඉවර කරලා කට්ටිය බණ මඩුව දිහාට යනකොට සුදූ ලොකුඅම්මත් එක්ක ඇතුලට ගියා..

ඇවිත් හිටිය පිරිසෙන් ගොඩ දෙනෙක් බණ මඩුවට යනකොට සමහරු බෝධි පූජාවට විතරක් ඉඳලා යන්න ගියා..

මේක අපේ ගමේ පන්සල නොවුන නිසා අඳුරන කිසිම කෙනෙක් හිටියෙත් නෑ..

මං හිටියෙ වැලි මලුවෙ.. බෝධිය යට... ඒ ළගම තිබ්බ කෙටි තාප්පෙ ළගින් ඉඳගෙන පොඩි හේත්තුවක් දානකොටම එතන තිබ්බ  නිශ්ශබ්ද  ගතිය නැති කරලා මගෙ ෆෝන් එක රින්ග් උනා.. එතකොටයි අතක් උනේ මේක සයිලන්ට් දාන්නත් අමතක උනා හත්වලාමෙ.. වටේ ඉඳපු දෙතුන් දෙනෙක් නිකන් පිටසක්වලයෙක් දිහා බලන ගානට බල බල යනකොට මම ඉක්මනින් ෆෝන් එක ආන්ස්වර් කරා...

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Where stories live. Discover now