ƈԋαρƚҽɾ 20

670 114 25
                                    

සුදූව පොඩ්ඩක් ශේප් කරලා මං ආයෙම එලියට ආවෙ ඔලුව ටිකක් නිදහස් කරගන්න ඕනෙ කියල හිතුන නිසා..

කාර් එකත් අරගෙන මං නැවතුනේ බීච් එක ගාව.. රෑට කොහොමත් සෙනඟ අඩුයි... මුහුදු රැලි ඇවිත් වෙරලෙ හැප්පෙන සද්දෙ ඇරුනම වටපිටාව හරිම නිස්කලංකයි.. පැත්තක තිබ්බ බෙන්ච් එකකින් ඉඳගෙන මං සෑහෙන වෙලාවක් යනකන් මුහුද දිහා බලාගෙන හිටියා..

පපාගෙන් එන ප්‍රෙශර් එක එන්න එන්නම වැඩි වෙනව කියලා මට හිතිලා තිබුනේ.. ඇයි මට ඒකට කිසිම දෙයක් කරගන්න බැරි තරම් මෙච්චර අසරණ උනේ..? කොල්ලෙක් වෙලත් කෙලින් තීරණයක් ගන්න බැරි තරමටම ? කම්පෙටිශන් එක ඉවර වෙනකන් මට මුකුත්ම කරන්න බෑ.. මේ ඉන්න විදියටම මේව දරාගෙන ඉන්නව ඇරෙන්න..

ඒ අස්සෙන් අද හසරැල් ගැන සුදූ කියපුවත් මගෙ ඔලුව වටේ කැරකෙන්න ගත්තා..

හසරැල් කියන්නෙ මට කවදාවත් හැබෑ කරගන්න බැරි ලස්සන හීනයක් කියලයි මට හිතුනෙ.. එයාගෙ හිතේ මං ගැන හොඳ ඉමේජ් එකක් කොහොමටවත් නෑ.. ඒක පැත්තකින් තියමුකො.. මොනාහරි ප්‍රාතිහාරයක් වෙලා කවදමහරි දවසක එයා මගෙ ෆීලින්ග්ස් ඇක්සෙප්ට් කරත් පපා කවදාවත් එහෙම රිලේශන්ශිප් එකකට ඉඩ දෙන්නෙ නෑ කියලා ඉර හඳ වගේ මට විශ්වාසයි.. අනිත් එක ඒකෙන් කවදහරි හසරැල්ට කරදරයක් උනොත් ? පපා කියන්නෙ එහෙම දේවල් කරන්න බැරි මනුස්සයෙක් නෙමෙයි..

ඉතින් හොඳම දේ මගෙ ෆීලින්ග්ස් හසරැල්ගෙන් හංගන් ඉන්න එක නෙමෙයිද.. ඒත් එයා ලඟදි මාව කන්ට්‍රෝල් නැතිව යනවනෙ.. එතකොට මං මොකද කරන්නෙ ?

ඕව ගැන ඕනාවට වඩා කල්පනා කරන්න හොඳ නෑ නුවේද්.. අන්තිමට උබට පිස්සු හැදිලයි නතර වෙන්නෙ..

ඔලුව දෙපැත්තට ගසලා ඇඳන් උන්නු ට්‍රවුසර් එකේ කකුල් දෙක ටිකක් නමාගෙන මං බෙන්ච් එකෙන් නැගිටලා මුහුදු රැලි කකුල් වල වදින මානෙට ඇවිත් එහෙම්මම වෙරල දිගේ ඇවිදගෙන ගියෙ අත් දෙක සාක්කු දෙක අස්සෙ හංගගෙන..

හෙට අම්මව බලන්න යන්නයි මං හිතන් හිටියෙ.. ප්‍රැක්ටිස් වැටුනම ආයෙ යන්න දවසක් හම්බෙන්නෙත් නෑනෙ...

අම්මා... එයා නැති අඩුව මේ වගේ වෙලාවට දැනෙනවා වැඩී.... ඒක වචන වලින් කියලා ඉවර කරන්න බැරි හෙන මූසල හැඟිමක්..

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]जहाँ कहानियाँ रहती हैं। अभी खोजें