ƈԋαρƚҽɾ 32

497 82 34
                                    

Author's pov :

උදේ වෙනකන් හරි නින්දකුත් නැති නිසාම හසරැල් ශොප් එකට යන්න ලෑස්ති වෙන්න කියලා කෝල් එකට සමුදීලා ගියාට පස්සෙ නුවේද් කරේ හොඳ නින්දක් දාපු එක.. නැගිටිනකොට 12ත් පහු වෙලා. හසරැල්ගේ මූණ බලන්නම ඕනෙ කියලා කියන නුවේද්ගෙ හිත  හවස් වෙනකන් එයා ගැට ගහලා තියාගත්තෙ බොහොම අමාරුවෙන්. පහලට එනකොට නුවේද්ගෙ පපාටම කියලා වෙනම වෙන් කරලා තිබුන ඔෆිස් රූම් එකේ ඉඳන් පපා එලියට එද්දි නුවේද්ව එයාගෙ ඇස් වලට අහු උනා.

" නුවේද් ඔහොම ඉන්න.. ඔයාට කතා කරන්නයි ආවෙ මේ.. රිසෝට් එකට පොඩ්ඩක් ගිහින් එනවද ? ස්ටාෆ් එකේ පොඩි ප්‍රශ්නයක්. මට යන්න විදිහක් නෑ. මිහිඳු එයි.ඒත් ඔයා යන එක හොඳයි. නෑ බෑ නොකියා ගිහින් එනවද ? "

වෙනදා වගේ නෙමෙයි.පපාගෙ කටහඬේ තැවරිලා තිබ්බ මහන්සි ගතිය නුවේද් නෝට් කරා.. මහන්සි නැති වේවිද ඉතින් වැඩ මත්තෙ ඔහොම නැහෙනකොට ?  ඉතින් නුවේද්ට ඒක ප්‍රතික්ෂේප කරන්න හිතුනෙ නෑ. කන එකත් පැත්තක දාල නුවේද් ලෑස්ති වෙන්න ගියෙ රිසෝට් එකෙන්ම ලන්ච් එක ගන්නව කියලා හිතාගෙන.

ලෑස්ති වෙලා කාර් එකේ කී එකත් අරගෙන ආයෙම පහලට එද්දි සාලෙ සෝෆා එකේ ඉඳගෙන පපා ලොකු කල්පනාවක..

" මං ගිහින් එන්නම් පපා "

" ම්ම්.. මොකක් හරි ප්‍රශ්නයක් උනොත් කෝල් එකක් දෙන්න "

පපාගෙ කතාවට උත්තරේ විදියට ඔලුව වනලා නුවේද් රිසෝට් එකට යන්න පිටත් උනා..

හොටෙල් එකට ලගඳි ට්‍රේන් කරවලා ගත්තු අලුත්ම ස්ටාෆ් මෙම්බර්ස්ලා දෙතුන් දෙනෙක්ට කම්ප්ලේන්ස් වගයක් ඇවිල්ලා කියලා තමයි මිහිඳුනම් කිව්වෙ. ඒකත් එක පාරක් දෙපාරක් නම් අවවාද කරලා අත ඇරලා දාන්න තිබුනා. මේක ඊටත් එහා ගිහින්. දන්නවනෙ මේ වගේ තැනක සර්විස් එක ගැන නෙගටිව් කම්ප්ලේන්ස් එනව කියන්නෙම ඒක රිසෝට් එකේ රෙපියුටේශන් එකට මොන වගෙ බලපෑමක් කරනවද කියලා..

එතන සේරම මිහිඳු එක්කම බලල කරලා ඉවර වෙලා නුවේද් එක්කම ලන්ච් එක ගන්න මිහිඳුත් නැවතුනා.

" පුතා ඒ පැත්තෙ ආවෙත් නෑ මේ ටිකේ.. "

" ඇවිල්ලා යන්න එන්නම් අංකල්.ප්‍රැක්ටිස් නිසා ඉස්සර වගේ වෙලාවත් නෑනෙ දැන් "

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Tahanan ng mga kuwento. Tumuklas ngayon