ƈԋαρƚҽɾ 15

693 106 41
                                    

ඕව හිත හිතම ෆෝන් එක අතට ගත්තෙ පොඩි දෙයක් මතක් උන නිසා.. අර වීඩියෝ එක ! මේක නිසානෙ ඉතින් ඔට්ටුවකුත් අල්ලන්න ගිහින් පරාද වෙලා යන්න ගියෙ.. ආව මෙතන මාත් එක්ක ඔට්ටු අල්ලන්න..

මේව ඉදිරියට තව මොන විදියට ප්‍රයෝජනවත් වෙයිද කවුද දන්නෙ..

හිනාවෙවී එහෙම හිත හිතම ඉන්නකොට ශශියා අපි හතරදෙනගෙ ගෲප් එකට මැසේජ් එකක් දාල තිබුනා එයාව next round එකට select උනා කියලා.. ෆයිනල් 40 වලින් පස්සෙ ඊළඟට ෆයිනල් 32 රවුන්ඩ් එක.. දැන් කම්පෙටිශන් එකේ වැඩත් එක්ක ඉස්සරහටනම් මේ වගේ ෆ්‍රී ටයිම් එකක් නැත්තටම නැති වෙයි..

කොහොම හරි අද දවස ගැන හිතනකොට , මං කියන්නෙ පපාගෙන් ආපු කෝල් එක ඇරුනම.. ඉතුරු දේවල් සේරමත් එක්ක ලස්සනටම ගෙවිච්ච දවසක් කියලා දෙපාරක් නොහිතම කියන්න පුලුවන්.. කොහොමද මම ඒක විස්තර කරන්නෙ? මට දැනෙන්නෙ නිකන් හිතම පිරිලා ගිහින් වගේ හැඟීමක්.. ඔය අස්සෙන් වලක් කපන් වැලලෙන්න හිතෙන යම් යම් සිද්ධිත් නැතුවම නෙමෙයි ඉතින්..දන්නෙ නැද්ද පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා.. ඕව්ව ඔහොම තමයි අනේ.. හා නැද්ද?

මං අහස දිහා බැලුවා.. අද හඳ නෑ තමයි.. හැබැයි දාස් ගණන් තරු පිරිලා.. ලස්සනයි.. එහෙන් මෙහෙන් හීතල හුළං රැලි ඇවිත් ඇඟේ වදිනකොට ෆෝන් එකත් පැත්තකින් තියලා අත් එක බැඳගෙන මං ඇස් පියාගත්තා.. ඇස් පියවෙන තප්පරෙත් මට මතක් උනේ එකම එක ඇස් දෙකක් !

රෑක තනිකම දැනෙන මොහොතක
පියාගමි දෙනයන මගේ..
ලොවම නිසසල ඈත පෙදෙසින්
නුඹෙ සුවඳ සුළඟක එතේ.. !

මට ඔලුවට ආවෙ දවසක් ෆේස්බුක් එකේ දැකපු කවියක්..

මේවත් මේ වෙලේටම මතක් වෙන එකනෙ වැඩේ.. 😒

එහෙම විනාඩි 20ක් විතර ඉඳලා මං නැගිට්ටෙ නිදාගන්න යන්න හිතාගෙන..

🌸🌸🌸🌸🌸

උදේ නැගිටලා පහලට එනකොට අද දවසම සුපිරියට ගෙවෙන්න නියමිතයි කියන්න වගේ පපාව මූණටම හම්බුනා.. ඊයෙ රෑ ගෙදර එන්න ඇති.. මං මුකුත්ම නොකියා කිචන් එක පැත්තට යන්නයි ගියෙ. හැබැයි ඊට කලින් පපාගෙ අර රෆ් ඇන්ඩ් රූඩ් වොයිස් එක මගෙ ගමන නවත්තලා දැම්මා..

සුළඟ නුඹ || Sulaga Nuba [ Sinhala BL]Where stories live. Discover now