පලමු පියාපත

1.4K 95 9
                                    

හිරෝෂිමා වෙහිත් සකුරා මල් යලි පිබිදුනෙන්නා සේ........
ආත්මයෙන් ආත්මය ට හිමිවීම ක් නොමැති  හමුවීමක් පමණක් ඇති.....
අප ගේ අවාසනාවන්ත ප්‍රේමය ට කෙදිනක හෝ දෙයිවය අවස්ථා ක් දෙනතුරු අප බලාසිටි මු......

හරි ලස්සන වචන ටිකක්. ඒත් මට ඒ වචන දැනෙන්නේ නෑ, අවුරුදු 17 ක් වෙලත් තාමත් කුලුඳුල් ප්‍රථම ප්‍රේමය වත් අත් විදලා නැති මම කොහොම ඕවා තේරුම් ගන්න ද?

අවුරුදු 17 පොතට ම සීමා වුන මම කොහොම ලව් කරන්න ද? අවුරුදු 17 තිස්සේ පිරිමි ලමයෙක් වෙලත් මම තනියම ගෙයින් එලියට ගිය කාලයක් නම් මට මතක නෑ.... ඒකට හේතු ඉතිං මගේ family background එක මගේ  තාත්තයි අම්මයි දෙන්නම lawyers ලා ඒකත් suprim court පවුලේ එකම ලමයා විදිහට මාව සුරකින එක එයාලා ගේ වගකීම වුණා.

මම සෙනුර ඒකනායක මම හැදුනේ වැඩුනේ මිනිසුන් හැමෝම කියන ඒ ප්‍රේමනීය නගරයේ...... ඒත් ඉතිං ඔය කියන මට නම් ප්‍රේමය ක් සෙට් වුනේ නෑ....එහෙම එකක් සෙට් වෙන්න මම හරියට ඉස්කෝලේ යන්න එපැයි....

OL කාලේ දවස් දහයකට වැඩිය ඉස්කෝලේ ගිහිං නැතිව ඇති... ඒ වුණාට මොකද A9 නම් ගත්තා... ඉගෙන ගන්න ඉස්කෝලෙ යන්න ම ඕන නෑ නේ.
මෙච්චර කල් නුවර තියෙන ප්‍රධාන පෙලේ private boys school එකකට ගියපු මාව මොකද්ද මන්දා හේතුව කට අපේ අම්මා එයා ගේ සහෝදර පාසලට යවන්න තීරණය කලා... ඒකත් හොදයි පරණ ඉස්කෝලෙ මට යාලුවෝ හිටියෙත් නැති එකේ අලුත් ඉස්කෝලෙ න් වත් හොයාගන්න පුළුවන් නේ....

හැබැයි මෙච්චර කල් මහයියාව නිජබිම කරගෙන හිටපු මට පේරාදෙණිය පාර ට හුරුවෙන්න වෙන එකයි....

අද තමා මම අලුත් ඉස්කෝලෙට යන පලවෙනි දවස.... වෙනදා ට drive uncle , මම ඉන්න car එකේ අද මගේ ප්‍රේමනීය අසල්වැසි මට ඉන්න එකම යාලුවා ජනුල් මගේ තනියට හිටියා ඌ ඉගෙන ගන්නෙත් මගේ අලුත් ඉස්කෝලෙ එකත් 12-C පංතියේ...

A9 තිබුණත් Maths, Bio select කරගෙන මට ඕන වුණේ නෑ මගේ සරල ජීවිතේ සංකීර්ණ කරගන්න.... ඒක නිසා මම AL වලට Commerce කරන්න තීරණය කරා හැබැයි මේ යන විදියට මගේ ජීවිතේ තව ටික දවසකින් හර බැර වලට ම සීමා වෙයි කියලා මට හිතෙනවා...

අන්තිමට අපි ඉස්කෝලේ ලගට ම ආවා ඊටපස්සේ මමයි ජනුවායි  දෙන්නා කෙලින්ම ගියේ අපේ පංතියට Commerce section එක තිබුණේ ඉස්කෝලෙ කෙලවර තට්ටු තුනේ ගොඩ නැගිල්ලක තුන් වෙනි තට්ටුවේ.... අපේ class room එකට වම් පැත්තේ තිබුණේ 12 - D commerce එක හැබැයි දකුණු පැත්තේ තිබුණේ ඉස්කෝලේ නසරානිම ලමයි ටික වගේ දක්ෂ ම ලමයි ටික ඉන්නවා යි කියලා සලකපු 12 B English medium Bio class එක. ජනුවා කියපු විදියට ඉස්කෝලේ හෙඩා ඉන්නෙත් ඒ පංතියේ ලු 13 වසරේ ලමයින්ට AL නිසා මේ ඉස්කෝලෙ හෙඩා විදිහට පත් කරන්නේ 12 වසරේ ලමයෙක් ව ලු. මේ ඉස්කෝලෙ තියෙන තවත් විශේෂ යක් තමා උදේ රැස්වීම තියෙන්නේ සිකුරාදා ට විතරයි. ඒ නිසා හැමදාම උදේට ආගම සිහි කරන වැඩත් මෙහෙ කරන්නේ නෑ....

......................................................

අන්න එහා පංතියේ වලියක්........
අපේ පංතියේ කොල්ලෙක්  එහෙම කියාගෙන පණ කඩාගෙන Bio එක පැත්තට දිව්වා.... ඌ දුවනවත් එක්ක ම මුලු floor එකම Bio එකට දිව්වා ඉතිං ජනුල් මාවත් ඇදගෙන මොලකාරයන් ගේ පංතියට ගියේ කව්ද ගහගන්නෙ බලන්න...

අපි යනකොට වෙන්න තියෙන සේරම වෙලා ඉවරයි... මම දැක්කේ කොල්ලො තුන් දෙනෙක් හොදටම ගුටිකාලා ඉන්නවා..... එක්කෙනෙක් ඔලුව බදාගෙන ඉන්නවා, තව කෙනෙක් ගේ නහයෙන් ලේ එනවා.... අනිත් කෙනාගේ shirt එකේ ඉස්කෝලෙ හෙඩා කියලා කියන්න පුළුවන් සලකුණු තිබුණා හොදම වැඩේ කියන්නේ එ ගේ තොලත් පැලිලා ලේ එනවා....

මම ඇස්  පංති කාමරේ වටේම කරකවලා හෙව්වෙ මේ ඉස්කෝලෙ මැරයා කව්ද කියලා... එතකොට යි මම දැක්කේ අඩි හයක් විතර උස සුදු සමාන්‍ය විදිහේ හැබැයි gym යනවා කියලා හිතන්න පුලුවන් ඇගක් තිබුණා කොල්ලෙක්...... ජනුල් කියපු විදියට ඒ තමා ලංකාවේ නම ගිය ඇමති කෙනෙක් ගේ මුණුපුරා... නමින් ඔනෙල් තේහස් වික්‍රමසිංහ.... පුදුමේ කියන්නේ ඉස්කෝලේ ඉන්න ඉගෙන ගන්න දක්ෂ ම ලමයත් මෙයා තමා... ඒ වුණත් පොඩ්ඩ ඇත්නම් කේන්ති යන ඉස්කෝලෙ මැරයා....

ජනුල් ගෙන් විස්තර අහලා ඉවර වුණා ට පස්සේ මම ගියේ ඉස්කෝලෙ හෙඩා ගාවට... නිකම් නෙවෙයි First aid box එකකුත් උස්සගෙන....

යොහාන් කෝ ඉන්න මම ඔයාට බෙහෙත් දාන්න.....

අපි හැමෝටම ඉන්නවා නේ Crush එකක් ඉතිං මගේ Crush එක තමා මේ ඉස්කෝලෙ head prefect යොහාන්....

මගේ 10 වසරේ ඉදලා Crush එක, අපි දෙන්නා ම ගියේ එකම English class එකට, ඒ වගේම යොහාන් ගේ අම්මා අපේ අම්මා ගේ හොද යාලුවෙක්... දැක්ක පලවෙනි දවසේ ඉදලා ම මම එයාට කැමති.... මම gay හරි Bi හරි කියලා මට 9 වසරේ දී තේරුණා ට ඒක හරියට confirm වුණේ මම යොහාන් ව Crush කරන්න ගත්ත කාලේ ඉදලා... යොහාන් අඩි 5'8 විතර උස ටිකක් තලෙලු දැක්කම පිස්සු හැදෙන විදිහේ පෙනුමක් තිබුණ කොල්ලෙක්.....

බෙහෙත් දාලා ඉවරයි...

Thanks සෙනුර.....

හ්ම් welcome....

ඔයා කාලාද?

ඔව්......

දවල්ට මාත් එක්ක කමු.... මම දැන් principal office එකට යන්න ඕන... අද හොදට වැඩ ටික කරගන්න....

හරි...

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කාලෙකට පස්සෙ non fiction එකක් ලියන්නේ මම දන්නේ නෑ මේක හොදද නරක ද කියලා...... 🙂

පලවෙනි chapter එක සුට්ටක් පොඩී ඉතිං

කියවන අය comment එකක් දාගෙන යන්න දවසක් ඇර දවසක් update දෙන්න වෙන්නේ 🙃

Piyapath ✅Where stories live. Discover now