සිව්වන පියාපත

556 65 25
                                    

එකපාරක් හරි හිතලා නැද්ද අපේ මේ ජීවිත කාලය තුළ අපිට කව්රු හරි මුණගැහෙන්න මොකක් ම හරි හේතුවකට වෙන්න ඇති කියලා..........

හරි ම ෂෝයි එතකොට මගේ පුංචි බදින්න යන්නේ ඔනෙල් ගේ අයියා ව ද.....

තාත්ත ආපු අයට ගෙදර ඇතුල ට එන්න කතා කරන කොට ඔනෙලුත් හරිම නියුනු ඒත් ගුප්ත හිනාවක් දාගෙන අපේ sofa එක උඩ ඉදගත්තා..

ආහ් මේ ඔයාලා ගේ පුතා වෙන්න ඇති නේද....

ඔනෙල් ගේ අම්මා මං දිහා බලලා ඇහුව්වා....

ඇත්තටම ඔනෙල් ගේ අම්මා ඇමති කෙනෙක් ගේ දුවෙක් විතරක් ම නෙවෙයි එයා ලංකාවේ ප්‍රසිද්ධ model කෙනෙක් වගේ උතුරන්න සල්ලී තියෙන business woman කෙනෙක්....

ඔව් මේ අපේ එකම පුතා...දැන් 12 වසරේ ඉන්නේ...

ආහ් ඒ කියන්නේ අපේ සුදු බබා ගේ වයසනේ......පුතා කොහෙද ඉස්කෝලේ යන්නේ.....

එයා අපේ එහා පංතියේ කොමස් එකේ අම්මේ.....

මං වෙනුවට ඔනෙල් උත්තර දුන්නා.....

ෂා නියමයි නේ ඒ කියන්නේ ඔයා මේ ලමයා ව අදුරනවද සෙනුර......

ඔව් අම්මේ අපි කතා කරලා තියෙනවා.....

ම්ම් හරි පුතේ අපි මේ පුංචි ගේ කටයුත්ත ගැන කතා කරගන්න කම් ඔයාට පුලුවන්ද මේ යාලුවා එක්ක පොඩි ගේ කාමරේට වෙලා ඉන්න..... ඔයා ගේ කාමරේට යන්න එපා එකේ Leo ඉන්නවා.....

හරි තාත්තේ....

Leo කියන්නේ අපේ ගෙදර බලු තඩියා ඌ කන්න ආසම මිනී මස් ලගදිත් අල්ලපු ගෙදර ඇන්ටි ගේ ආදරණීය පූස් තඩියවත් හම ගහලා තිබුණා ඒ නිසා අපේ ගෙදරට කව්රු හරි ආවොත් ඌ ව කාමරේකට දාලා වහන එක අපේ ගෙදර සිරිතක්.....

දැන් හිතන්න එපා ඌ ට කූඩුවක් හදලා එකේ දාන්න තිබුණා නේ කියලා.... ඇත්තටම අපේ තාත්තා කැමති නෑ සත්තු කූඩු කරන්න......

එතකොට දැන් ඔයාලා ඊලග ට කල්පනා කරනවා ඇත්තේ කව්ද මේ පොඩී කියලා..... ලොකූ කියන්නේ අපේ සුවහස් අයියා ට අපේ ලොකූ තාත්තා ගේ පොඩි පුතා එයාගේ නම සුවහස් වුනාට එයාට ගොඩක් අය කතා කරන්නේ කෙවින් කියලා මොකද Home alone එකේ වගේ එයාවත් පොඩි කාලේ අපේ පවුලේ අය trip එකක් ගිය දවසක තනියම ගෙදර දාලා ගිහිං පොඩි අයියා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් එයා දැන් පේරා Engineering faculty නිසා අපේ ගෙදර නැවතිලා ම කැම්පස් යනවා.......

Piyapath ✅Where stories live. Discover now