හයවන පියාපත

459 62 7
                                    

මේ ලොකේ හැමදේම අපි හිතන විදිහට ම වෙන්නෙ නෑ තමයි එහෙමයි කියලා හැමදේම අපේ නකර ට සිද්ධ වෙන්නෙත් නෑ.......

යොහාන් මාව කිස් කරාට පස්සේ මම යොහාන් වත් මගෙන් ඈතට තල්ලු කරලා එතනින් දුවලා ආවා ඒ ඇයි කියන්න මම දන්නේ නෑ, මේ දවස වෙනුවෙන් ගොඩක් කාලයක් මම බලාගෙන හිටියා ඒත් ඇයි දැන් මගේ හිතට අමුත්තක් දැනෙන්නේ.....

පුංචි කාලේ ඉදලා මට නරකක් වෙනවා නම් ඒ ගැන මට කලින් ම දැනෙනවා සමහරවිට.... තමං ගේ crush එක තමං ට කැමති කියලා දැන ගත්තාම එහෙම හැගීමක් දැනෙනවා ඇති....ඒත් ඇත්තටම එයා මට කැමති ද ඒකද මාව කිස් කරේ... අද මුලු රෑම ඇදට වෙලා මට කල්පනා කරන්න තියෙන්නේ මගේ හිතට එන මේ ප්‍රශ්න ගැන විතරයි...

......................................................

උදේ ම නැගිටලා වෙනදා වගේම ඉස්කෝලේ ගියත් මගේ හිත අද හරිම නොසන්සුන්.... ඒ වගේම තමා මම ඉන්නේ බයෙන් කොයි වෙලාවේ මගේ ඉස්සරහ ට යොහාන් එයිද කියලා... මට එයාට මූණ දෙන්න මොකද්ද වගේ.... ඒ මදිවට මේ විස්තර කියන්න අද ජනුල් ඉස්කෝලේ ඇවිත් නෑ.....මාමා ගේ පුතා ගේ wedding එක කියලා ඌත් රත්නපුර ගිහිං....

සර් සර්.....

මොකද කොල්ලො මේ හති දාගෙන....

සම්පත් සර් අපේ පංතියට Accounting උගන්වන අතරේ බයෝ එකේ අසිත යකෙක් දැකලා වගේ කෑගහගෙන අපේ පංතියට දුවගෙන ආවා.....

සර් අන්න ඔනෙල් අරූව මරන්න හදනවා....

අරූ මොකාද...? කොහෙද..?

අර... අර.. සවීන් ව......

ඒ අහවල් එහෙකට ද කෝ උන් දෙන්නා දැන්.....

අර පහල washrooms ලග....

හරි හරි ඉක්මනට යමු....

අල්තාෆ් මම එනකම් පංතිය බලාගන්න.... එකෙක් බහින්න බෑ එලියට....

හරි සර්.....

සම්පත් සර් අපේ පංතියේ වේවැලත් අතට අරගන්න ගමං අල්තාෆ් ට කිව්වා
සම්පත් සර් කියන්නේ අපේ ලුකා පැසියෝලි වගේම මේ ඉස්කෝලෙ විනය භාර සර්...

ඒ බං ඇයි දන්නේ නෑ ඔනෙල් සවීනයාට නෙලන්නේ.......

සර් පංතියෙන් ගිය හැටියේ මිතල ඇහුව්වෙ ලග හිටිය අල්තාෆ් දිහිවට හැරිලා.....

Piyapath ✅Where stories live. Discover now