සොලොස්වන පියාපත

410 51 0
                                    

නොලැබෙන ආදරේකට ආදරේ නොකර තමන් ට ලැබෙන අදරේ වටිනාකම තේරුම් ගන්න මිනිස්සු උත්සාහ කරා නම් මහ රෑට දැවෙන හිත් හිතලුවක් ම වෙන්න තිබ්බා........

උත්තර දෙන්න ඉතිං......

මම දන්නේ නෑ......

මොකද්ද දන්නේ නැත්තේ....

දන්නේ නෑ.....

පිස්සුද තමුසෙට....

ඔව් මට පිස්සු..... මෙතනින් යන්න ප්ලීස්.....

මම මොනවා කියලා කියන්න ද ඉතිං මම කෑගහපු විදිහට බය වෙච්ච ඔනෙල් ආයෙත් ඇදෙන්න බිමට බැහැලා හිට ගත්තා.....

දැන් ඇයි ඔයා මට අකමැති... තමුසේ තාම අර යොහාන් කාරයාට ලව් ද.....

"පිස්සුද තමුසේ ට.... "
ඒ අහපු ප්‍රශ්නෙට නම් මෙච්චර වෙලා ඇදේ දිගා වෙලා හිටිය මාව ඉබේටම වගේ කෙලින් වුණා.... මේ ලෝකේ ඉන්න අන්තිම මනුස්ස පරානේ යොහාන් වුණත් ආයේ නම් මට ඕකාව එපා හ්ම්.... අටුකොස් වදුරා ඊව්.....

එහෙනං ඇයි......

තව්සේ කොයි වෙලත් ලේ පෙරාගෙන නේ ඉන්නේ.... කාටම හරි ගහලා ඇග පත තුවාල කරගන්නා හ්ම් මම ආස නෑ එහෙම අයට......

කොහොම අයට ද.....
ඔනෙල් ඇහිබැමි දෙකත් පූට්ටු කරගෙන අහපු විදිහට නම් පොර මාර කන්ෆියුස් වෙලා කියලා තේරෙනවා.....

තව්සේ වගේ මැරයන්ට......
ඒක නම් මම කිව්වේ නෝන්ඩි යටත් වගේ...

කව්ද යකූ මැරයා... මම අහිංසක යා ඔය ඉස්කෝලෙ එවුන් තමා මේ පාඩුවේ ඉන්න අහිංසක මාව අවුස්සන ගන්නේ හ්ම්......

අන්න ඒ පාර මේ යකා මූණත් පුම්බගෙන නහයෙන් පිබිනවා..... යකූ මම මේ දකින්නේ ස්වප්නයක් ද සිරාවටම මේ ඔනෙල් ම ද නැත්තං පොරගේ වෙන වර්ෂන් එකක් ද මන්දා..... හිනත් යනවා අප්පා

මොකද දැන් තව්සේ ඔය හිනාවෙන්නේ ආ...

කියුට් අප්පා...

කව්ද?

තමුසේ තමා...

පූහ් හෑ ඕයි මම කියුට් නෑ.... ඒකට නම් ඔනෙල් ට හිනාවක් පැන්නා....

හ්ම් හ්ම්....

මම පොරොන්දු වෙන්නම්.....

මොකද්ද...??

Piyapath ✅Where stories live. Discover now