දසවන පියාපත

421 57 9
                                    

වීදුරු වක් බිදිලා ගියාම අපි කොච්චර උත්සාහ කරත් ඒ විදුරු ආයෙමත් ඒ විදියට ම හදන්න බෑ, මිනිස් හිතත් අන්න ඒ වගේම තමයි බිදිලා ගියොත්  පලුදු වීම් වහන්න බෑ.....

උදේ පාන්දර ම මම අරලිය සෙවනට ගියේ ඔනෙල් ව හොයාගෙන...අයියා කියපු විදියට ම එයාගෙන් සමාව ගන්න

කෑහ් කෑරෑම්.... හ්ම්.. හ්ම්...

ඇයි...?

ම්ම්..... මේ....

හ්ම්...

තමුසේ හ්ම් කියන්නේ දැන් මම මොකුත් කිව්වෙ නෑ නේ.....

හ්ම්.....

මේ අහනවාකෝ  තෙහස්.....

තෙහස්...???

තමුසෙ කොහොමද ඒ නම දන්නේ....

අනේ මම දන්නවා හලෝ මට සූම්පර් කිව්වා නේ.....

මොකක්ද.....?

තමුසේ ගේ සම්පූර්ණ නම හලෝ....

එහෙම ද ඇයි දැන් තමුසේ මෙතනට ආවේ.......තව ටිකකින් ඇසෙම්බ්ලි එක පටං ගනී.....

මම ආවේ මේ තමුසෙට සොරි කියන්න....

හ්ම්.....

හ්ම් නෙවෙයි ඇත්තටම මට සමාවෙන්න ඔයාට ගැහුව්වා ට......

හ්ම් ඒකට කමක් නෑ ශෙනෝන්....

තමුසේ මගේ නමත් හොයාගෙන නේද.... ඒ වුණාට ඒක අමුතුයි...

මොකද්ද අමුතු.....

ශෙනෝන් කෑල්ල..... කව්රුත් ඔය නම මට කියන්නේ නෑ..

හ්ම් too long..... ශෙනූ කිව්වා නම් හරි

කෙල්ලෙක් වගේ නේ....

හ්ම්...

ම්ම්..... එහෙනං අත දෙනවා කෝ මෙහෙට....

ඒ මොකට ද....

මෙන්න මෙහෙ දෙනවා...

මම ඔනෙල් ගේ  වෙලුම් පටි ඔතපු අත අරගෙන ලස්සන ට I'm sorry කියලා අපේ පංතියෙන් උස්සං ආව මාර්ක පෙන් එකෙන් ඇදලා තව ලස්සන හිනා මූණකුත් ඇන්දා......

ලස්සන යි නේ....

විකාර දැන් කොහොම ද කියනවා කෝ පුත්තලම් බූරුවෝ මම මේ අත එල්ලගෙන පාරේ බැහැලා යන්නේ....

ඇයි?

යැයි තමා නිකං මොට්ටසෝරි පොඩි එකෙක් වගේ නේ චිත්‍ර ඇදගෙන....

Piyapath ✅Hikayelerin yaşadığı yer. Şimdi keşfedin