විසි එක්වන පියාපත

337 45 0
                                    

කෙවින් අයියා යි මායි පුංචි සිහින අයියා ගැන කියපු කතාවෙන් ගොඩක් පුදුම වුණා... සිහින අයියා ව පුංචි දැනගෙන තියෙන්නේ අපේ තාත්තා ගේ මාර්ගයෙන් ලු සිහින අයියා ගේ යාලුවෙක් කරන යූටියුබ් චැනල් එකක ඉන්ටර්විව් එකක ට ඩොක්ටර් කෙනෙක් ඕන කරලා තිබ්බා ලු ඉතිං අපේ තාත්තා සිහින අයියා ට පුංචි ව කන්ටැක් කරලා දුන්නා ලු.....ඊට පස්සේ සිහින අයියා යි පුංචි ගෙයි කතාව දුර දිග ගිහිං සිහින අයියා ම අපේ පුංචි ගෙන් කැමැත්ත අහලා පුංචි ත් හා කිව්වා ලු.... ඊට ටික දවසකට පස්සේ තමා සිහින අයියලා ගේ ගෙදරින් අපේ ගෙදර ආවේ....අපේ තාත්තා සිහින අයියා ව දන්නේ කොහොමද කියලා පුංචි දන්නෙත් නෑ ලු... එතකොට සිහින අයියා ට කලින් affair එකක් තිබුණ කතාවක් පුංචි දන්නෙත් නෑ ලු......

ඉතිං දැන් කොහොම හරි මේ ප්‍රශ්න ය අපේ අම්මා ලගටත් පුංචි කෙවින් අයියා යි දෙන්නා ගෙනිහින් තිබ්බා... ඒ අය අතර මොනවද කතා වුණේ කියලා කෙවින් අයියා වත් පුංචි වත් මට නොකිව්වා ට මේ දවස් ටිකේ අපේ අම්මා ඉන්නේ නම් මොකක් ම හරි ප්‍රශ්න යක කියලා මට තේරුණා...

ගෙදර ප්‍රශ්න අමතක කරලා ඉතිං මම ඉස්කෝලෙ ආවේ මේ සතියේ අපිට ටර්ම් ටෙස්ට් නිසා....... හරි ෂෝක් මෙච්චර දවසක් පිස්සු කෙලලා පේපර් එක අතට ගත්තා ම තමා තරු පෙනුනේ ඉස්සෙල්ලා ම ඉතිං තිබේ ඉකෝන් හරිෂෝක් නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක හිගකම ලකුණු කරෙත් විනාඩි ගානක් හිතලා.... ඒ මදිවට ඉල්ලුම සැපයුම ප්‍රශ්නේ දැක්කාම කලන්තේ ට වගෙත් ආවා.... කොහොම හරි ඉතිං ලේසියට තිබ්බේ බිස්නස් පේපර් එක විතරයි... ඔනෙල් ට නම් හැම එකම ලේසි ලු පුදුම යක් නෑ ඉතිං එයා කොහොම ත් මීටරේ නේ කොහොම හරි ඉතිං ටෙස්ට් එකත් ඉවර කරලා දැන්නම් ලකුණුත් දීලා ඉවරයි හිතුව තරම් අවුලක් නම් නෑ 75 ට වැඩිය හැම එකට ම තිබ්බා....... අපේ සෙට් එකම දක්ෂයි මේ පාර අපි හැමෝටම ස්ටේජ් රිපෝට්.... බයෝ එකෙන් මේපාර ත් සෙක්ෂන් එකෙන් වැඩිම ලකුණු ඔනෙල් ට මගේ නේ ඉතිං මටත් ආඩම්බර යි..... දැන් ඉතිං ඉස්කෝලෙ නිවාඩු වගේම පුංචි ගේ wedding එකත් ලගම එනවා කලින් එන්ගේජ්මන්ට් එක ප්ලෑන් කරපු දවස වෙනස් කරලා එදාට වෙඩින් එකම ගමු කියලා කට්ටිය කතා වෙලා තිබ්බේ.... කෙවින් අයියා නම් ඉන්නේ හෙන අප්සට් එකේ ඉතිං මේ ටිකේ ජනුල් ගේ ප්‍රථම රාජකාරි ය කෙවින් අයියා ගේ දුක අහන මල්ලී වීම..... වෙලාවක ට ජනුල් අයියා ට කවනවාත් එක්ක..... මේ යන විදියට මගේ හොද ම යාලුවා ලගදී ම වගේ මගේ මස්සිනා වෙයි කියලා මට පොඩි සැකේ කුත් තියෙනවා හැබැයි.....

Piyapath ✅Where stories live. Discover now