පහලෝස්වන පියාපත

361 53 0
                                    

ආදරේ කියන්නේ මිනිස් හිත් වලට  ලස්සන මතක එක් කරන හැගීමක්. හැබැයි ආදරේට පුළුවන් අදුරු මතකත් ජීවිතේට එක් කරන්න ..

"වික්‍රමසිංහ කියන්නේ මගේ තාත්ත ගේ සර්නේම් එක....."

"එතකොට....?? "

"අයියා යි මම යි තාත්ත ලා දෙන්නෙක් ගේ ලමයි.....මගේ තාත්තා ගේ න සුනීර වික්‍රමසිංහ ඔයා සමහර විට අහලත් ඇති  2000 පස්සෙ බිහි වෙච්ච ෆේමස් සිංගර් කෙනෙක්..... කාර් ඇක්සිඩන්ට් එක කින් නැති වුණේ.... "

සුනීර වික්‍රමසිංහ ඔව් මට ලාවට වගේ ඔය නම ඇහිලා තියෙනවා වගේ මතකයි ඒත් මම ඒ ගැන මොකුත් නොකියම ඔනෙල් ගේ කතාව  අහගෙන හිටියේ හරි ඉවසීමෙන්.

" මම  ඉපදිලා මාස දෙකෙන් වගේ තමා තාත්තා නැති වෙලා තියෙන්නේ...... ඇත්තටම ඒ මගේ අම්මා ගේ  Boyfriend මම ඉපදෙන කොට අම්මයි තාත්තයි බැදලා හිටියේ නෑ ඒකයි තාමත් අම්මා ගේ නම සර් නේම් එක ලිවේරා  විදිහට තියෙන්නෙ...... දැන් ඔයා බලනවා ඇති අපේ අයියා ගේ තාත්තා කව්ද කියලා..... මම එයාගේ නමක් නම් දන්නේ නෑ ඒත් එයා ආදරේ කියන අකුරු හතරට මුවා වෙලා මගේ අම්මා ගේ මුලු ජීවිතේම විනාස කරලා.... "

දැන් නම් ටිකෙන් ටික ඔනෙල් හැගීම්බර වෙනවා කියලා තේරුණ නිසාම මම එයාගේ අත් දෙක එකතු කරලා අල්ලගත්ත....

" මගේ අම්මා ඒ මිනිහා ව ගොඩක් විශ්වාස කරලා ඒත් ඒ මිනිහා අන්තිම ට මගේ අම්මා ව දරුවෙක් එක්ක තනි කරලා දාලා.... අපේ අයියා ව හම්බ වෙන්න ඉන්නවා කියලා දැන ගත්තා ම සීයා වුණත් අම්මා ව අත ඇරලා දැම්මා ලු.... සීයා ඒ කාලේ පලාත් සභාවේ.... අම්මා යාලු වෙලා හිටිය මිනිහාට නම් හෙනට සල්ලි බලේ තිබිලා.... ඒ නිසා සීයාට වුණත් මේ වෙනුවෙන් කරන්න දෙයක් තිබිලා නෑ ලු...... ගෙදරින් කොන් වුණාට පස්සේ ඉතිං අම්මා තමං ගේ හයියෙන් නැගිටලා අද මේ ඉන්න තැනට ආවේ........ ඇත්තටම මට මගේ අම්මා රැජිනක් වුණා ට ඔයාම අහලා දැකලා ඇති නේ මිනිසුන් මගේ අම්මා ට කියන කතා...... එත් එයා නරක කෙනෙක් නෙවෙයි සෙනූ එයා කවදාවත් අයියා ට්‍රයි මටයි කිසිම විදියක අඩු පාඩුවක් කරලා නෑ..... "

ඔනෙල් කතාව ඉවර කරද්දී එයාගේ
කම්මුල් දිගේ පුංචි කදුලු කැට රූටලා එනවා මම දැක්කා ඉතිං මං කරේ එයාව මගේ පපුව ට පරිස්සමට වගේ තුරුල් කරගත්ත එකට... ඔනෙල් කිව්ව දේ ඇත්ත ඇත්තටම ඔනෙල් ගේ අම්මා මේ ලෝකේ මිනිසුන් කොච්චර නරක විදියට බැලුවත් එයාට එයා ගේ අම්මා රැජිනක් මේ ලෝකේ හැම දරුවාටම ඒක එහෙම යි.

Piyapath ✅Where stories live. Discover now