Episode 06 - 1

12 3 7
                                    

දින සති ගෙවිලා ගියේ හීයක වේගෙන්. හැමෝම වගේ තම තමන්ගේ වැඩ එක්ක හුගාක් බිසි වුණා. MAMA Award function එකටත් දින ලග නිසා BTS ලා වගේම ෆේත් එහෙමත් හුගාක් බිසි වුණා.

හුගාක් දවස් වලට ෆේත් ගෙදර ආවේ පාන්දර වෙලා. ඒ දවස් වලට ෆේත් එනකන් බලන් ඉදපු කෙල්ලො තුන්දෙනා සෝෆා එකේම නිදි. ෆේත්ට එයාගේ පුංචි කෙල්ලො තුන් දෙනාව එහෙම දකිද්දි නම් හරිම ලෝභයි. ඒ නිසාම කොච්චර මහන්සි වුණාත් උදේම නැගිටලා නංගිලාගෙ වැඩ ටික කරලා, එයාලාව uni එකටයි ඉස්කෝලෙටයි බස්සලා තමයි ෆේත් office ගියේ. ඒකෙන් ෆේත්ට එයාගේ නංගිලා එක්ක ඉන්න කාලේ ලැබෙනවා නේ...

ජන්ග්කුක් වුණාත් හුගාක් බිසි... Uni වලින් පස්සෙ කොල්ලා කෙලින්ම ගියේ company එකට... ඒත් ජන්ග්කුක්ට University ඉන්න පුලුවන් උපරිම වෙලාව කොච්චරද ඒ සම්පූර්ණ වෙලාවම ගතකරේ university එකේ. මොකද එයාට එතකොට තමයි රිශි එක්ක කාලය ගතකරන්න පුලුවන් වෙන්නෙ... තව cultural event එකකුත් ළගදිම එන නිසා තව වැඩිපුර පැයක් දෙකක් විතර ජන්ග්කුක්ට Uni එකේ ඉන්න වුණා. ඉතිං කොල්ලා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරන් වැඩ කරා. කොහොම හරි එයාට JJ ගෙන් වෙන්න ඕන වැඩ ටිකයි JK ගෙන් වෙන්න ඕන වැඩ ටිකයි ගානට Balance කරන් යන්න පුලුවන් වුණා.

ඔන්න අද තමයි Uni එකේ cultural event එක තියෙන දවස. හැමෝම ඉතිං ඒකට යන්න තමයි ලෑස්තිය.

Girl's House....

🖤 චූටි...

💜️ ඕ... මේ එනවා🙂

ඉක්මනින් ලෑස්ති වෙලා පහලට ආපු රිශි uni එකට යන්න නලී එනකන් බලන් හිටියා. ටිකකින් නලී ආවා... හැබැයි තනියම නෙමෙයි. එයාගේ නැට්ටත් එක්ක... ඔව් ඔව්... මින්හි තමයි නලීගේ නැට්ට...

🖤 ආ... මෙයා මේ කොහෙ යන්නද😐

රිශි ඇහුවේ ලස්සනට ලෑස්ති වෙලා නලී එක්කම පහලට ආපු මින්හිව දැකලා...

💜️ මෙයාටත් මේ අපි එක්ක යන්න ඕනේ ලු නේ🙂

🖤 මෝ😕ඒත්...

🤍 ඒත් මේත් නෙමෙයි... මං ලොකූගෙන් අවසර අරන් තියෙන්නෙ😌 ඔයා එන්න එපා මට අනං මනං කියාගෙන...

🖤 ඇයි මොකෝ සද්දෙ🤨 මං ලොකූට කිව්වොත් එවන්න එපා කියලා එවන එකක් නෑ හොදේ...

JK or JJ || Birthday Special Where stories live. Discover now