Episode 06 - 2

21 3 2
                                    

දුම අතරින්ම company එක ඇතුළටම ගියපු ජිමින් ෆේත්ට කොච්චර කතාකරත් ෆේත්ගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නෑ...

🐥 ෆේ... ෆේ... ඔයා කොහෙද🥺

කොල්ලාට දැන් ෆේත් ගැන බයටම ඇස් වල කදුලුත් පිරිලා...

ඒ වගේම මේ වෙද්දී ටිකක් තත්වේ බරපතල වේගෙන එන්නෙ කියලා Tiaට තේරුණේ කැමරා එහෙම අරන් Dispatch එකෙන් ඇවිත් ඉන්නවා දැක්ක නිසා...

💠 මැඩම්😥කරන දෙයක් ඉක්මනට ඉවර කරන්න වෙයි... නැත්නම් අලි ජන්ජාලයක් වෙන්නෙ...

Tia ඒ විදියට හිතින් මිමිණුවා. Dispatch එකෙන් ආවා කියන්නෙ අනිත් media channels වලින් එන්න එච්චර වෙලාවක් යන එකක් නෑ... එත් එක්කම වගේ fire alarm off වෙලා ටිකෙන් ටික දුමත් අඩු වෙලා යන්න ගත්තා.

💠 අම්මෝ ඇති යන්තම්😮‍💨

දිගු සුසුමක් හෙළන ගමන් තමන්ටම කියාගත්ත Tia

💠 ආ... මං හිතන්නෙ දැන් ඔක්කොම හරි... අපි යමු ඇතුළට🙂

කියලා staff එකට ටිකක් සද්දෙන් කිව්වෙ මේ වෙනකොට camera උස්සන් ඉන්න කට්ටියට ඇහෙන්න. මොනා වුණාත් මේ වෙනකොටත් අනිත් channels වලින් ඇවිත් හිටියා. මොකද Uniq entertainment කියන්නෙත් ප්‍රධාන පෙලේ entertainment company එකක්. ඉතිං මේ වගේ දෙයක් වුණාම channels වලින් එන එක පුදුමයක් නෙමෙයි. අනිත් එක ජිමින් ඉන්නෙත් මෙතන නේ.

එහෙම තියෙද්දි තමයි ජිමින්ව surprise කරන්න හිතාගෙන ෆේත් මේ වගේ දෙයක් කරෙත්. ඒ වගේම ජිමිනාත් ඔහේ දුවගෙන ගියා නේ. කොහෙද ඉතිං ඩබලටම මල්සරා ගහලා නෙ ඉහ මුදුනටම... ජිමින් නම් පව් ඉතිං මොනා වුණාත් ආදරේ නිසානේ හැමදේම...

🐥 ෆේ... ෆේ... කොහෙද ඉන්නෙ අනේ🥺

කොල්ලාට තේරුණා දුම අඩු ගතියක්... හිමින් හිමින් නහය වහන් හිටපු අත පහලට දාද්දි තමයි කොල්ලාට තේරුණේ ඒ දුම එච්චර සැර නෑ කියලා...

ඒත් එක්කම කොල්ලා දැක්කා අඩු වෙලා යන දුම අතරින්ම එන ෆේත්ව...

🐥 ෆේ...

කියලා ෆේත් ලගට යන්න යද්දිම කොල්ලාගේ ඇග උඩට මොනාද මන්දා උඩ තිබුණු දෙයක් කඩාගෙන වැටුණා. එහෙම්ම කොල්ලා ඔලුවත් අල්ලගෙන බිමින් ඉදගත්තා...

JK or JJ || Birthday Special Kde žijí příběhy. Začni objevovat