part 3

147 19 19
                                    

ජීවිතේ පලවෙනි වතාවට මට මරණ බය දැනුනා.... හුස්ම හිර උනා වගේ දැනුනා..... ආදිගෙ නම කියල කෑගැහුවා විතරයි මට මතක....

ආදී.... අනේ.....

එකපාරට කොහේදෝ ඉදල ආව අතක් මාව ඇදල ගත්තා.... මං විසිවෙලා ගිහින් ශක්තිමත් අත් අතරකට හිරවුනා.... මට හුස්ම ගන්න අමාරු වුන නිසා මං හුස්ම ගන්න ගොඩක් ට්‍රයි කරා... ඒත් එක්කම...

" Hey buddy are u okey... "

කටින් එක වචනයක් පිට කරන්න සිහියකින් නොහිටිය මං, බය වෙලා මෙච්චර වෙලා ගුලිවෙලා උන්නු ඒ අත්වල අයිතිකාරය දිහා බැලුවා... ලස්සන ඇස් දෙකක්... ගොඩක් කලු ලස්සන ඇස් බෝල තිබුනෙ එයාට.... මං තවත් එයා දිහා බලන් හිටියා... ආයෙමත් එයා...

" Can u hear me.... ඔයාට තුවාල ද.... ඇයි කතා නැත්තේ...."

" අහ් අහ් මං හොදින්.... ගො...ගොඩක් ස්තූති ඔයාට මාව බේර ගත්තට..."
මට කියා ගන්න පුලුවන් උනේ එච්චරයි... කකුල් වෙවුලන නිසා මං ඒ ආගන්තුක ඇගට බර වෙලා හිටියා....

"අයියෝ no thanks... පරිස්සමෙන් යන්න.... තනියම යන්න පුලුවන්ද..."

"ඔව් ඔව් අවුලක් නෑ... තැන්කිව් සෝ මච්..මං ගිහින් එන්නම්....."

යන්න හැරුණට මොකද එයා තාමත් මගෙ අත හයියෙන් අල්ලගෙන....

"සර්.. මගෙ අත......"

"අහ් සොරි.. පරිස්සමෙන් යන්න එහෙනම්... ගුඩ් නයිට්...."
එයා එහෙම කියල අත අතෑරිය... මං එයා ලගින් එන්න හදන කොටම ආයෙත් එයා කතා කරා...

"Hey buddy.... ඔයාගෙ නම දැනගන්න පුලුවන්ද...."

මගෙ ඇස් ටීක් බෝල සයිස් උනා.... මගෙ නම මොකටද මූට කියල හිතුනත්, මෙච්චර ලොකු උදව්වක් කරපු එයාට නම කියන්න බැරි තරම් කුහකයෙක් වෙන්න බෑ නේ.... එනිසා මං ලස්සනට හිනා වෙලා

'මං විහස්....... විහස් තේනුක..' මගේ නම කිව්වා....

එයා ලස්සන හිනාවකින් මං දිහා බලන් හිටියා... එයාගෙ මාස්ක් එක නිසා ඇස් වලින් හිනාව හොදට පෙනුනා...

"සර්ගෙ නම...."

"මගේ නම....
එයා නම කියන්න හදනකොටම එයාට කෝල් එකක් ආවා... එයා කෝල් එක ගන්න පොඩ්ඩක් එහාට ගියා...කෝල් එක අස්සෙත් එයා මං දිහා හොරාට බැලුවා....

සිලිලාරحيث تعيش القصص. اكتشف الآن