part 13

84 14 15
                                    

ගරූගේ වචන එක්ක විහස් හොදටම පුදුම වුනා.. ඒ නම විහස්ගෙ හිතට ගෙනාවෙ ලොකු අමුත්තක්... තේනුක කියලවත් මෙච්චර කාලෙකට කිසිකෙනෙක් එයාට කතා කරල නෑ...

තාමත් ගරූ විහස් දිහා බලන් හිටියා.... ගරූට ටිකක් හැමදේම හෙලවෙනවා වගේ දැනුනත් එයා තාමත් විහස් දිහා බලන්... ඒ නිල් ඇස් වලට  වශී වෙලා.. ගරූගෙ ඇස් ටික ටික රතු වෙනවා විහස් දැක්කා.... ගරූ නිකන් වෙන ලෝකෙක කියල විහස්ට දැනුනා.... ගරූ එකපාරට විහස්ව හග් කරා.... ආයෙත් උදාර විදියට විහස් සප්‍රායිස් උනා... ඒ වුනාට ඒ වුන දේට විහස්ගෙ හිතේ අකමැත්තක් තිබුන්නෑ....

"අපි ඩාන්ස් කරමුද තේනූ............"

ගරූ එහෙම අහද්දි විහස් හරියට හොල්මනක් දැක්කා වගේ බය වුනත්...කටින් වචන පිටවුනේ නැති නිසා එයා ඒකට හ්ම් කියල උත්තර දුන්නා...  ඒ උත්තරේ එක්ක ගරූ විහස්ව හග් කරගෙනම දෙපැත්තට පැද්දුනා....

පාට පාට දුමාරෙ අස්සෙ හැමෝම තමන්ගෙ ලෝකවල... ඒ නිසා වටපිටාවෙ වෙන දේවල් ගැන එයාල හිතන්නෑ...

අහම්බෙන් මුනගැහුන ආගන්තුක රූපයක්  එක්ක, මේ මොන ආච්චිගෙ රෙද්දක් ද කරන්නෙ කියල විහස්ගෙ උඩු හිත කිව්වත්  යටි හිත කිව්වෙ ඔය කොල්ලව පරිස්සමෙන් අල්ලන් ඉදපන් කියලා..

උඩු හිතට නටා ගන්න කියල යටි හිත කියපු විදිහට විහස් ගරූගෙ ඉන වටේ අත් යවල එයාව අල්ල ගත්තා.... දෙන්නා එක්ක මූනට මූන බලාගෙන පැද්දුනා.... කන පැලෙන්න ගහන ඩීජේ එක අස්සේ මෙහෙම පැද්දෙන මුන් මනුස්සයො නම් වෙන්න බෑ...  ඩීජේ එකේ  පන්ජාබි මියුසික් යද්දී ගරූ විහස්ගෙ අතින් අල්ලන් ඩාන්ස් කරන්න ගත්තා.. දෙන්නා එක්ක හිනා වෙවී ඩාන්ස් කරා.... විහස්ට දැනුනෙ හරි වෙනස් හැගීමක්... ඒක හරියට ගොඩක් කාලෙකින් හැපි එන්ඩින් ෆිල්ම් එකක් බැලුවා වගේ හැගීමක්.... හිතට දැනුන ඒ හැගීම නිසා පිස්සෙක් වගේ එයාගෙ අත අල්ලන් නටන ගරූ ලගට එයා කිට්ටු වුනා... 

විහස් එයා ලගටම ආව කියල දැනුන ගරූ එයා දිහා බැලුවා... මොකුත් අහන්න පුලුවන් තත්වෙක ගරූ නෑ...විහස් එයාගෙ ෆෝන් එක අරන් ඒ දෙන්නාගෙ ෆොටෝ එකක් ගත්තා... විහස් ඒකෙ ලස්සන බල බල ඉද්දි ආදිගෙන් කෝල් එකක් ආවා... එයා සද්දෙ වැඩි නිසා චුට්ටක් එහාට ගියා..

සිලිලාරWhere stories live. Discover now