" මැනික.... හෙට ස්කෝලෙ යනවද..."
"ඔව් අම්මා... හෙට ප්‍රැක්ටිස් තියනවා.... අනිද්දා ඉදන් මං 4 .30 වෙනකන් බාස්කට් බෝල් ප්‍රැක්ටිස් ඉන්නවා අම්මා... මාර්තු 10 දිස්ත්‍රික් තරග.."
"අනේ මැණික, ඔච්චර මහන්සි වෙන්න එපා ... ලෙඩ වෙයි ඔයා... "
"එහෙම වෙන්නෑ සුදු අම්මේ....."
"හාකො හාකො, ලෙඩ උනොත් මං බලා ගන්නම්කෝ....
මැණික, ඔයාගෙ රූම් එක ආදිටත් එක්ක ඇති ද... නැත්නම් මං අනිත් රූම් එක ලේස්ති කරන්න ද....""ඇති වෙයි අම්මා, ආදි ආවම එයාගෙන්ම අහල බලමු... අම්මා අද නිවාඩු නිසා අපි හැන්දෑවට ආදිලයි ගෙදර යමුද...."
"මාත් ඒක තමයි බැලුවේ... කෑම හදල ගිහින් එමු.... "
"හරි අම්මා... මං යනව කවි පාඩම් කරන්න.... "
අම්ම එක්ක චැට් එකක් දාන් ඉදල මං ආවෙ කවි පාඩම් කරන්න, ඔයාල බලන්නෙ මොන කවිද කියල නේද.... අයියෝ මේ නැටුම් වල තියන කවි, ලී කෙලි, කලගෙඩි, කුලු, සවරං එකී මෙකී ඔක්කොම ගැමි නැටුම් වල කවි පාඩම් කරන්න ඕන... ප්‍රැක්ටිකල් එකට ඒවා එනෝ.... තව නාට්‍ය ගීතත් පාඩම් කරන්න ඕන....
6.30 විතර වෙනකන් මං පාඩම් වැඩ කරා..ඊට පස්සෙ අම්මා එක්ක ආදිලයි ගෙදර ආවා... අනිද්දා එයාල කුරුණෑගල යනවා නේ.... පාරමී නංගියා මං දැක්ක ගමන් දුවන් ඇවිත් මාව බදා ගත්තා...
"අනේ සුදු අයියේ, මට යන්න බෑ අනේ.... මාවත් එහේ තියා ගන්නකෝ... සත්තයි මං චූටි කාලෙ වගෙ දග නොකර ඉන්නම්.... පින්කි ප්‍රොමිස්...... අන්.. අනේ.. යන්න බෑ මම්..මට....."
ඒකි මාව බදන් අඩන්න ගත්තා... මගේ පපුව හිර වෙනෝ වගේ දැනුනා.... මොකද පාරමී මගේ නංගි නොවුනත් එයා මට ගොඩක් ලගයි... කෙල්ලගෙ හිත හදන්න මොනව කියන්නද කියල මට තේරෙන්නෑ... දිනූ අම්මා අපේ අම්මා ලග වාඩි වෙලා අඩනවා... ආදී කතා නෑ... ඌ ජනේලෙන් එලිය බලාගෙන කල්පනා කරනවා... ඒ ඇස් රතු වෙලා, ඉදිමිලා.... අපේ ගෙදර ඉදලා ආව වෙලාවෙ ඉදන් අඩලද මන්දා..... කෙල්ල මාව බදන් හෝ ගාල අඩනවා.... පොඩි එකී මට වඩා පොඩි නිසා ඒකිගෙ කදුලු වලට මගේ ටී ශර්ට් එකේ බඩ හරිය හොදටම තෙමිලා...
![](https://img.wattpad.com/cover/364043119-288-k50050.jpg)
ESTÁS LEYENDO
සිලිලාර
No Ficciónආදරේ කියන්නෙම හරි ලස්සන දෙයක්, හරි කෙනා ලැබුනොත්.... - තේනු - ඒ ලස්සන මං විදින්නෙ උබ නිසයි මගෙ වස්තූ.... - අවී -