part 14

90 15 8
                                    

"ඇයි සිතුම් අයියේ....."

මං එහෙම ඇහුවෙ මෙයා දැන් සප්‍රායිස් වුන නිසයි....

" ඔයා කොහොමද මෙයාව දන්නේ... අනික මූ කුරුණෑගල නේ.... "

සිතුම් අයියා කන්ෆියුස් වෙලා.... මට ඒක හොදටම තේරෙනවා... මූට හාට් ඇටෑක් එකක් එන්න කලින් අපි අදුරගත්ත විදිහ කියන්න ඕන.... මොකද මූට මොකක් හරි වුනොත් ඩෙනී මාව පනපිටින් ඩෙවල් දාවී....

එහෙමම  අයියාව හිමින් බිත්තියට හේත්තු කරල මං නැගිටල සිතුම් අයියා ලගට ආවා.....

" ඔව් මං දන්නවා එයා කුරුණෑගල කියල... දවසක් එයා මාව බේර ගත්තා ලොකු ඇක්සිඩන්ට් එකකින්.........."

එතන ඉදල අපි අදුරගත්ත විදිහ මං සිතුම් අයියාට පැහැදිලි කරා... එයා කන්ෆියුස් හුන්ගා බුන්ගා ultra pro max වගේ අහන් හිටියේ....සාමදානව මං කියපු දේවල් අහන් හිටිය සිතුම් අයියා, ගෞරව් අයියා දිහා බලලා ඇස් ලොකු කරල මං දිහා බැලුවා.........................

" විහා උබේ නම මොකද්ද... "

මං මෙච්චර ලොකු කතාවක් කිව්වට පස්සෙ මූ ඇහුවෙ මගේ නම නෙ යකෝ..කටේ කෙල හිදන් මූට කතා කිව්ව මට ගහන්න ඕන මඩු වල්ගෙන්... අම්මපා...  

" ඇයි අයියා මගේ නම දන් නැද්ද....මං විහා නේ...."

" නෑ නෑ යකෝ උබේ සම්පූර්ණ නම මං අහන්නේ..."

"ආ... ඒක ද...... මං විහස්... විහස් තේනුක ජයවික්‍රම.. "

"අඩෝ නෝ........... ඒ උබද......"
     සිතුම් අයියාගෙ ඇස් නලලේ....

" ඇයි මොකද..........................."

"අහ් නෑ නෑ.... ගරූ මට විහස් කෙනෙක් ගැන කිව්වා... ඒත් ඒ උබ කියන්න මං දන්නෑ...  අඩෝ මේව තමයි සප්‍රායිස්..."

ඒ කියන්නෙ ගෞරව් අයියා මං ගැන සිතුම් අයියාට කියල... මොනවද දන්නෑ කිව්වෙ...ඒක පස්සෙ මුගෙන් අහගන්න ඕන.... දැන් ඉක්මනට මං අතනට යන්න ඕන...

"අයියේ ඔයා ආව නිසා මං යන්නද...මට හදිසි වැඩක් තියනවා..."

"අහ් හරි බන් උබ පලයන්.. මං මූව ගෙනියන්නම්..."

"අහ් හරි අයියේ... තැන්ක්ස්... එයාව පරිස්සමෙන් එක්කන් යන්න... බායී..."

සිලිලාරTempat cerita menjadi hidup. Temukan sekarang