part 15

107 13 22
                                    

මට ඇහුන දේ මට තාමත් විශ්වාස නෑ.. ඒක කොහොමද වෙන්නේ....

"අයියේ... ඔයා කියන්නෙ, අර බීච් එක ලග අර හදන luxury එපාර්ට්මන්ට් එක අයිති සූරියබන්ඩාර නෙවෙයි නේද..."

"නෑ එයා තමයි.... ඒ ගරූගෙ තාත්ති..."

අම්මෝ මේ මගේ උකුලෙ නිදාගෙන ඉන්නෙ කෝටිපතියෙක්ද... අහෝ දෙවියනේ ස්වප්නයක්ද මේ................

" විහා..................."

"අහ් අ.. අයියේ...."
    මනෝ ලොකෙන් එලියට ආවෙ සිතුම්  අයියාගෙ කටහඬට

" මට හරි පුදුමයි......."

"ඒ මොකද අයියේ...."

"ගරූ කියන්නෙ එහෙම ලේසියෙන් කෙනෙක්ට ක්ලෝස් වෙන කෙනෙක් නෙවෙයි.... මූ ඇවිත් හිත හොද, නපුරු ආඩම්බරකාරයෙක්... ඒකයි පුදුමයි කිව්වේ..."

"ගෞරව් අයියා ගොඩක් හොද කෙනෙක්..මට එහෙම දැනෙනවා...."

"ඔව් ඒක හරී....අන්න විහා ඔයාගෙ යාලුවො සෙට් එකත් ආවා.. අපිත් එහෙනම් යන්නද...මූව ඉක්මනට ඇහැරව ගන්න ඕන..."

"අහ් හරි අයියේ... ගොඩක් තෑන්ක්ස්....පරිස්සමෙන් යන්න දෙන්නම... මේ නිදි කුමාරයටත් කියන්න පරිස්සමෙන් ගෙදර යන්න කියල.... බායි.."

"හරි හරි කොල්ලෝ.. මං කියන්නම්......"

මං අයියාගෙ ඔලුව පරිස්සමෙන් ශීට් එකෙන් තියල බැස්සා.... මට හෝන් එකත් ගහන් එයාල ගියා... මං හිමින් ආවෙ අපේ ගේට් එක ලගට, මොකද බයික් ටික එතන... යද්දි කට්ටියගෙම කතාව නැවතුනා.....

"කවුද විහස් ඒ...... "
   ආදී එයාගෙ ප්‍රශ්නෙ ඇහුවා....මං දන්නවා ඕක තමයි මූට තියන ලොකු ම ප්‍රශ්නෙ................

"ඒ කෙනා කවුද කිව්වොත් උබට හාට් ඇටෑක් එකක් එනවා..."

"ආතල් ගන් නැතුව කියපන්.... මොකද මං ඉන්නෙ ආතල් ගන්න මූඩ් එකක නෙවෙයි....."

අද වුන දේවල් වලට ආදී කේන්තියෙන් ඉන්නෙ.. මං මොනවා කරන්න ද ඒකට, දැන් ඕක ගැන කතාව ඇදුනොත් රන්ඩු වෙන්න තමයි වෙන්නේ.....ඒ නිසා මං පාඩුවෙ ඉන්නවා...

"අහ්... එහෙමද...ඒ ආවෙ සිතුම් අයියා..."

"මොන සිතුම් ද.... විහා.."

සිලිලාරWhere stories live. Discover now