1 කොටස

102 7 2
                                    

" පස් වෙනි ⁣ගොඩ සරබේ කස්තිරම මතකද.."

හැමෝම උඩ බිම බලන්න ගත්තා.. ඒ අතරේ මන් බලන් හිටියේ කතා කරන කොට හෙලවෙන තොල් දෙකත් එක්ක එක එක විදියට හැගීම් මාරු කරන ඒ ලස්සන ඇස් දෙක දිහා..

" හංස උබ කියපන් බලන්න.. උඩ බලන් ඉන්නේ.."

කව්ද ඉතින් උඩ බලන් හිටියේ.. මන් හිටියේ එයාගේ ඇස් දෙක දිහා බලාගෙනනේ..

" රුංතක ජිංතක තරිකිට කුංදත්
තාග්ග ජිංතක තරිකිට කුංදත්
රුංතක ජිංතක තරිකිට කුංදත් තා.."

මන් ඒ ටික කියලා ආයි පැත්තකට උනා.. මන් දැක්කා තිදැස් අයියා ඔලුව වනලා ආයි අනිත් උන්ට කෑගහනවා..  තිදැස් නේත්‍රාන්ග විජේ⁣කෝන් ද සොයිසා.. ඒ ඉන්නේ මගේ අවුරුදු දෙකක ඉදන් ආදරේ.. crush එකක්.. නැ නැ ඒ ඉන්නේ මගේ එක පාර්ශ්වික ආ⁣දරේ...

දුරින් ඉදන් අවුරුදු දෙකක් තිස්සේ බලන් ඉන්න.. ආදරේ කරන පිරිමි පරානේ.. තිදැස් අයියගේ නමට හරියන්නම එයාව දෙයියෝ මවලා තිබුනා.. හරිම ලස්සන ඇස් දෙකක් තිදැස් අයියට තිබ්බේ.. කළු දුබුරු ඇස් අස්සේ ලාවට කඳුලු පටලයක් තෙතට හැමතිස්සෙම බැදිලා තිබුනා..

දිග ඇස් පිහාටු එක්ක ඕනෙම කෙනෙක් වශී කර ගන්න පුලුවන් ඇස් දෙකක් තිබ්බ තිදැස් අයියගේ ඒ ලස්සන ඇස් වල එක බැල්මකටවත් මගේ හොර බැල්මවල් අහු නොව්නු තැන අවුරුදු දෙකක් පුරාවට මන් හොර රහසේම නිදහසේ ඒ පිරිමියට ආදරේ කරා..

" උබලට මේවා බැරුව නමට වෙස් තියන්නද කල්පනාව.. ඔය පායිම්පත් ති⁣යන්න ඉන්න කෙල්ලෝ ටිකටත් එක්කම තමයි මන් මේ කියන්නේ.. දාහක් වැඩ තියෙද්දි තොපිට උගන්නන්න එනවා.. උබලට මේවා ගානක් නැ.. හෙට එද්දි කස්තිරම් මතක නැති උන්ව අයින් කරනවා.. ඒවවත් මතක නැතුව නමට වෙස් තියලා වැඩක් නැ බොලාට.. හා දැන් පලයන් ගෙවල් වල.. ගෙදරින් එනකන් ඉන්න උන් ඇතුලට වෙලා ඉන්න.. හංස වරෙන් පොඩ්ඩක් මෙහාට.."

මන් හේත්තු වෙලා ඉදපු බිත්ති⁣යටත් අතින් තට්ටුවක් දාන් තිදැස් අයියත් එක්ක changing room එක අස්සට ගියා.. අහ් හා හා මේ.. වැරදි දේකට නෙවෙයි.. එතන තව අයියලා පස් දෙනෙක් විතර හිටියා..

වෙස් ( Ongoing )Where stories live. Discover now