9 කොටස

33 7 3
                                    

" කෝ කෝ.. ළමයි.. ඔහොම බැ.. තව ගැම්මෙන් නටන්න ඕනේ.. අහ් ආයි පටන් ගන්න.. වන් ටූ ත්‍රී.."

මන් හිටියේ ඉස්කෝලේ නැටුම් කාමරේ.. ප්‍රියංගිකා teacher ⁣ලෙඩ වෙලා නිසා ශානී teacher තමයි අපිට practice කරන්නේ.. ප්‍රියංගිකා මිස්ට තාම ඉස්කෝලේ එන්න දුන්නේ නැහැල්ලු ගෙදරින්.. සොයිසා අන්කල් නිවාස අඩස්සියේ දාලා ඉන්නේ කිව්වේ.. තිදැස් අයියනම් ආවා.. දැන් මගේ එහා පැත්තට වෙලා නටනවා.. මේ මනුස්සයා නටද්දි පුදුම ලස්සනක් තියෙන්නේ.. හැඩ ගානට ගාම්භීරව ගන්න විදියට දවසම උනත් බලන් ඉන්න පුලුවන් තරන් එයා නටද්දි ලස්සනයි.. ඒත් ඉතින් මට එයා නටනවා බලන් ඉන්න වෙලාවක් කොහෙන්ද මාත් මෙතන නටන්න එපැයි..

ශානි මිස් ආයි පටන් ගන්න කියලා සින්දුව play වෙන්න දැම්මා.. ට්‍රැක් එක play වෙද්දි අපි ආයිමත් මුල ඉදන් තාල තියන්න ගත්තා..

" ඇස් වහ කට වහ.. දොස දුරු වන්නට..
සුරලට පදයට නැටුවා...
දෙව් ලොව දෙවියෝ.. මෙරටට වැඩලා..
නැටුමට ආසිරි පැතුවා..."

ට්‍රැක් එකේ උඩරට ටික නැටුවට පස්සේ play වෙන්න ගත්තු ටිකට අපි පහතරට සිටෙප්ස් ටිකක් නැටුවා.. උඩරට ගැම්මෙන් නටලා පහතරට පද්දන්න ගියාම තමයි ඉතින් එපා වෙන්නේ.. එක පාරට වෙස් ⁣පෙරලනවා වගේ මාරු වෙන්න එපැයි.. නටනවා කියන්නේ කොච්චර අමාරු දෙයක්ද කියලා හිතෙන්න ගන්නේ එවෙලෙට.. ඒත් වෙලාවකට පුදුමයි.. අපි කරන්නේ හුදෙක්  තාලෙකට අඩි තියන එකක් උනත් ඒකෙන් කොච්චර මිනිස්සු වසග කර ගන්න පුලුවන්ද කියලා හිතෙද්දි අපි කරන සම්ප්‍රදාය ගැනම මහාලොකු ආඩම්බරයක් දැනෙනවා..

" හංස.. මට කියන්නකෝ බලන්න කුලු කවියක්.."

" දැන්..?"

" ඔව් දැන් බැරිද.. "

ශානි මිස් ලාවට රවලා මගෙන් ඇහුවම මන් හෙන ගොන් විදියට හිනා උනා.. මේ නටලා නටලා මහන්සි වෙලා හතරගාතේ දාලා වැටිලා ඉන්න වෙලාවේ කුලු කවි කියන්න මට මාන්දමද අෆ්ෆා.. ඒත් මිස්ටනම් පොඩ්ඩක් ඒ වගේද කොහෙද.. මන් එහෙම්ම මගේ එහා පැත්තේ හිටිය තිදැස් අයියා දිහා බැලුවම පොර මට හිනා උනා.. රෙද්ද උ මොකටද මට හිනා වෙන්නේ.. ඒකට තරහ ගිය පාර මන් ගැම්මෙන් නැගිටලා හොදට එරමිනිය ගොතාගෙන වාඩි වෙලා උගුරත් ටිකක් කැහැලා සුද්ද කර ගත්තා..

වෙස් ( Ongoing )Where stories live. Discover now