2 කොටස

50 6 0
                                    

" ඔයාලා මාව මේ කොහෙද අරන් යන්නේ.."

" මරන්න එක්කන් යන්නේ.. කටවහගෙන ඉදපන් දැන්.."

" මන් මොකටද කට වහගන්නේ.. කීයේ ඉදන්ද මේ යන්නේ.. යන එකේ ඉවරෙකුත් නැ."

" ඔන්න ඕකගේ කටට ගෝස් එකක්වත් ඔබපන් තිදැස්.."

වාහනේ ඉදපු ඔක්කොම හිනා වෙන්න ගත්තා.. මේක හරියන්නේ නැ මන් යනවා ළමා හිමිකන්.. මුන් මාව උදේ පාන්දර වාහනේකට දාගෙන ඇදගෙන ආවා.. කොහේ යනවද කියලා තාමත් කිව්වේ නැ.. දැන් පැය තුනකට විතර කිට්ටුයි.. බෑග් එකට දාගෙන ආවෙත් ඇදුම් දෙකයි..

අපි යන්නෙ නම් සුදු පාට ප්‍රාඩෝ එකක.. එහෙම එකක් ඉතින් මේ සෙට් එකෙන් තියෙන්නේ රවීන් අයියට තමයි.. එයාලගේ අම්මයි තාත්තයි දෙන්නම බිස්නස් කරන්නේ.. පොර මාර හැන්ඩියා.. බොරු ඕනේ නැ මුන් සෙට් එක යන යන තැන කෙල්ලො ටෝක් වෙනවා..

අපි ඔක්කොම හතර දෙනෙක් ගියා මාත් ඇතුලුව.. තිදැස් අයියයි මායි පිටි පස්සේ ෂීට් එකේ හිටියේ.. drive කරේ රවීන් අයියා පැසේන්ජර් සීට් එකේ රාහුල් අයියා හිටියා.. එයත් හරි හොදයි හැබැයි වැඩිය කතා නැති වැඩකට ඇති දෙයක් විතරක් කතා කරලා ඉන්න කෙනෙක්.. අනේ මන්දා අයියලා තුන් දෙනෙක් මැද මන් තනි වෙලා..

මන් සේප් එකේ තිදැස් අයියා ලගට ලන් වෙලා පොඩ්ඩක් අතකට හේත්තු වෙලා කන ගාවට ලන් උනා.. මේ යෝදයා බය වෙලා මූනත් දෙහි ලෙල්ල වගේ කරන් එහාට පැන්නේ මට නිකන් බෝවෙන රෝගයක් තියෙනවා වගෙනේ.. ඒවා කොහෙද මාත් එක්ක මන් ආයි අතින් ඇදලා ලගට ගත්තා..

" අපි මේ කොහෙද යන්නේ කියනවකෝ හලෝ.."

" උබට දැන් 18 ක් නේද.. පාරවල් දන්නේ නැද්ද.. නැත්තන් බෝඩ් එකක්වත් කියවලා හොයා ගනින්කෝ.. ඔච්චර මරෙන්න හදන්නේ.."

" තව්සෙලා කිව්වනම් මට මැරෙන්න දෙයක් නැනේ.."

" නුවර යන්නේ වෙස් කිට් ටිකක් ගේන්න තියෙනවා.."

මන් මූනත් හට්ටියක් කරගෙන තිදැස් අයියා දිහා බැලුවා.. මොන රෙද්දක්ද ඒ උනේ.. ඉතින් ඕක කලින් කියන්න තිබ්බනේ..

" අහ් හරි හරි.."

මන් එහෙම්ම ආයි මෙහාට වෙලා ෂටර් එකෙන් එලිය බලා ගත්තා.. අපිට නිතරම වගේ නුවර යන්න වෙනවා... මන් දෙපාරක් විතර නුවර ගිහින් තියෙනවා.. මාතර ඉදන් නුවර යනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි.. ඇත්තටම දුරයි.. ඒත් ඉතින් යන්න වෙනවා.. එහෙට ගිහින් හරි අදින්න ඇදුම් දෙකක් ගන්න ඕනේ.. මන් ගෙනාව ඒවා මදිවෙයි..

වෙස් ( Ongoing )حيث تعيش القصص. اكتشف الآن