16 කොටස

29 6 0
                                    

" ⁣කිර් කෝඩු හිතට.. ආල නුබේ දෑස යා උනා...
මගේ කෝල කමට.. ලෝල හැගුම නුබට පේ උනා..
සබදේ.. සුවදේ.. කුලුදුල් ආදරේ..
උතුරා.. ගැලුවේ.. අමමී ජීවිතේ..
නන නා නා නනන.. නාාන නනනා.. නාන නාන නා..."

" ඔය කින් කිනි නාදේ නවත්තගෙන උබට ඉක්මනට වොෂ් දාන් එන්න පුලුවන්ද බන්.. "

" උබට කිසිම රස වින්දනයක් නැ ඉරෝන්.."

" රස වින්⁣දනේ නෙවෙයි යකෝ.. අ⁣ද උබේ competition day එක.. පොල් බූරුවා. තව සින්දු කිය කිය ඉදපන්.. උබ යන්නේ සින්දු කියන්න නෙවෙයි නටන්න.. නටන්න.. වරෙන් ඉක්මනට දැන්.."

" පෆ්... "

මන් උට පේන්නේ නැතත් දෙකක් රවලා ඉක්මනට වොෂ් දාගත්තා.. නටන්න යනවා කියලා සින්දු කියන්න හොද නැද්ද.. අනික කොල්ලා දස්සයා නිසා මන් ගිහින් ගැම්මට පහත් වෙලා අත් දෙක ගත්තත් ඇති මන් තේරෙනවා.. ලොකුකන් කියෙව්වට ඇත්තටම එතන සෑහෙන්න ලොකු තරගයක් තියෙයි.. මන් දන්නවා.. ඒත් එහෙමයි කියලා ඔලුවට ඕනෙවට වඩා ස්ට්‍රෙස් එකක් ගන්න ඕ⁣නේ නැනේ අනේ.. පිස්සුනේ..

" උබ කන්නේ නැද්ද.. ඔය perfume එක ඔච්චර නාන්න එපා බල්ලෝ.. තොට පිස්සුද.. ⁣ගොනා.. බූරුවා.. එළුවා.. උබ අමු ගවයනේ.. කාලා ඉදපන්.. කන්නේ නැතුව නටන්නේ කොහොමද.. නොකා ඇවිත් උබ අල්ලපන්කෝ හොද අඩව්වක්.. මන් නම් එන්නේ නැ තෝව ගන්න එතනින්.. ඕයි කන් ඇහෙන්නේ නැද්ද.. පලයන් කේප්ප වස්සෝ යන්න.. "

ඔන්න ඔය ටික රැප් එකක් වගේ මන් ඇකඩමි එකට එනකන්ම ඉරෝන්ගේ කටින් හරිම ලස්සනට පිට උනා.. කියලා වැඩක් නැ. උදේ පාන්දර සූර්යයා අතින් අරන් ආපු මගේ කන් දෙක හරිම නැව්ම් විදියට පිරිලයි තිබ්බේ මී පැණි වලින්.. කොච්චර බැන්නත් උ අන්තිමට මට කියලා ගිය,

" පරිස්සමෙන් ඉදපන්.. ප්‍රශ්නයක් උනොත් කෝල් එකක් දීපන්.. මන් මොන ලෝකේ ඉදන් හරි එනවා.. හොදට කරපන්.. උබට පුලුවන් මන් දන්නවනේ.. උබ තමයි දක්ෂම.. good luck boza.. "

කියලා මට තම්ස්අප් එකකුත් දීලා ගිය එක තමයි මට වටින්නේ.. උ මට පන ඇරලා කියලා මන් දන්නවා.. හරි මාත් එහෙමනේ.. මගේ ගොටුකොල සුනඛයා..

එක්කෙනා දෙන්නා තරග කරලා ඉවර වෙලා අන්තිමට ආවේ මගේ වාරේ.. මෙහෙම තැනක හරි වෙන රටකදි තමන්ගේ රටේ නමත් එක්ක තමන්ගේ නම කියවෙද්දි දැනෙන ඒ මොරාල් එක... ඒක තමයි මන් වින්ද ලස්සනම හැගීම කියලා මට හිතුනා.. එතකොට එන ගැම්ම.. ඒ ගැම්මත් එක්ක මන් ගිහින් ස්ටේජ් එකෙන් හිට ගත්තා.. හැමෝම මන් දිහා බලාගෙන ඉන්නේ කියලා මන් දන්නවා..

වෙස් ( Ongoing )Where stories live. Discover now