8 කොටස

45 7 6
                                    

" මොකද උනේ.."

" කතා කරන්න වෙලාවක් නැ.. අපි යන්න ඕනේ.."

මට මොනාත් කියන්නත් නොදීම තිදැස් අයියා මාව වෙහිකල් එක අස්සට ඔබාගෙන එයත් නැගලා වේගෙන්ම යන්න ගත්තා.. මේ මිනිහා උදේ පාන්දර මට කෝල් කරලා මගේ ඔලුව ගිනි තියලා තිබ්බේ..

ප්‍රියංගිකා මිස් එහෙමත් නැත්තන් තිදැස් අයියගේ අම්මට අමාරුයි කියලා අයියා මට උදේම අඩ අඩ කෝල් කරා.. තිදැස් අයියා අඩනවා අහගෙන ඉන්න තරන් මන් ඒ වෙලාවේ ශක්තිමත් නැ කියලමයි මට හිතුනේ.. ඒ තරමට සංවේදීයි එයා වේදනවා කදුලු කරද්දි.. මිස්ට තියෙනවා හාට් ප්‍රොබ්ලම් එකක්.. පොඩ්ඩ ඇත්තන් ඩව්න් වෙන්නමයි බලන්නේ.. ඒ නිසාම ප්‍රියංගිකා මිස් ගැන උවමනාවටත් වඩා මගේ හිත බය උනා..

තිදැස් අයියා ඉක්මනට ලේස්ති වෙන්න කිව්ව නිසාම ඉක්මනට ලේස්ති වෙලා ගෙදරින් එලියට බහිද්දිම වගේ එයා ඇවිල්ලා කාර් එක ගේ ඉස්සරහින් නැවැත්තුවට පස්සේ තමයි මාවත් එක්කන් මේ යන්නේ..

" ආන්ටිට අමාරු වෙන වෙලවේ ඔයා කොහෙද හිටියේ ?"

" මන් දන්නේ නැ හංස.. මන් දන්නේ නැ!!! අම්මා මට මුකුත් කිව්වේ නැ.. ඊයේ රෑ ඒ දෙන්නා එක්කම ගිහිල්ලා තිබ්බේ.. එයාලට තිබ්බනේ මට නිකමට කතා කරන්න නේද.."

තිදැස් අයියගේ ඇස් වල තාම කදුලු නලියනවා... මන් එයාගේ පිටට තට්ටු කරා.. මේ වෙලාවෙ අපි ඉන්නේ වාහනේ නිසා මට එයාව බදා ගන්නවත් විදියක් නැ.. තිදැස් අයියා පිස්සෙක් වගේ කාර් එක drive කරන්නේ.. පාර ඉන්⁣න මිනිස්සු හැප්පෙනවද කියලවත් පේන්නේ නැති තරම්ම වේගෙකින්.. ඒ නිසාම වැඩි වෙලා යන්න කලින් අපි hospital එකට ආවා.. වාහනෙත් පාර්ක් එකෙන් ඉක්මනට නවත්තලා අපි දෙන්නා ඇතුලට දිව්වා කිව්වොත් වැරදි නැ..

" Doctor... මිස් ප්‍රියංගිකා ?"

" එයා තාම ICU එකේ.. එන්නකෝ මන් පෙන්නනම්.."

අපි එතනට යනකොටත් මාස්ටර් ඉන්නවා එලියෙන් වාඩි වෙලා.. අපිව දැක්ක ගමන් එයාගේ කදුලු පිහිදාන් අපි ලගට ඇවිත් තිදැස් අයියව හයියෙන් බදා ගත්තා..

" සොරි පුතේ.. මට කියන්න උනේ නැ ඊයේ.. මන් හිතුවේ නැ මෙච්චර serious වෙයි කියලා.. "

වෙස් ( Ongoing )Where stories live. Discover now