15 කොටස

21 5 0
                                    

" ඉරෝන්.. මන් රත් වෙන්න දැම්ම කෑම ටික එලියෙන් තියපන්කෝ.."

" හා හා.. උබ ඉක්මනට වරෙන් යකෝ පරක්කු වෙන්න බැ.."

මන් ඒකට මොනාත් නොකියා ඉක්මන්ට නාගන්න ගත්තා.. මේ මන් ඕස්ට්‍රේලියා වලට ඇවිල්ලා ගෙවෙන දෙවෙනි මාසේ මැද දවසක්.. ගෙව්නු කාලේ ඇතුලත තිදැස් අයියව මතක් නොව්නු දවසක් තිබුනේ නැතත් මන් එයාට කතා කරන්න ගියෙත් නැ.. කතා කරොත් දරා ගන්න බැරි වෙයි කියලා හිතුන නිසාම මන් කතා කරේ නැ.. එයා කතා කරෙත් නැ.. ඒකටත් වඩා පපුව කකියන්නේ තව මාසයක් මෙහෙම ඉන්න ඕනේ නේද කියලා මතක් වෙද්දි..

මේ දවස් ටිකේ ඇත්තටම හොදින් වැඩ ටික කරගෙන ගියා.. මෙහේ ඉන්න මිනිස්සු හරිම හොදයි.. එයාලගේ ලංකාවේ වගේ කැපිලි කියන දේ නැ.. ඒ නිසාම වැඩ කරන්න ,දේවල් ඉගෙන ගන්න ගොඩක් ලේසියි.. සහ ඉරෝන් ඉන්න නිසා මෙහේ දේවල් වලට පුරුදු වෙන එකත් ලොකු අමාරුවක් උනේ නැ..

ඕවා හිත හිතම මන් එලියට එනකොට ඉරෝන් ඉන්නවා රූම් එක ඇතුලේ හොල්මන වගේ.. උ ඉන්න නිසා තමයි මන් මෙහෙම පන ගහලා ඉන්නේ.. මගේ හැමදේටම ලග ඉන්න පිස්සු කොල්ලා.. මට දැනුනු දෝරේ ගලන ආදරේ නිසා මන් ගිහින් උව බදාගෙන කම්බුලෙන් හාද්දක් තිබ්බා...

" මේ මොකෝ මේ. උබටත් හිටපු ගමන් track out යනවනේ.."

" ම්ම්.. බඩගිනියි හලෝව්.."

" යන් යන් කන්න.. මන් කවන්නම් අද.."

" හාාාාා.."

මන් පිස්සෙක් වගේ හිනා වෙද්දි ඉරෝන් මගේ ඔලුව අතගාලා මගේ මූනට හාද්දක් දීලා මාවත් එක්කන් සාලෙට ආවා.. මෙහේ ඉතින් මහා ලොකු ඉඩක් නැ.. පල්ලෙහයින් ගෙදර ඇතුලට ආවාම තියෙන්නේ රූම් එකක් එක්ක පඩිපෙල.. උඩ තට්ටුවේ තිබ්බේ කිචන් එකත් එක්ක රූම් එකකුයි washroom එකයි.. ලිවින් රූම් එකයි , කිචන් එකයි එකටම වගේ තිබ්බේ.. හැබැයි පිරිසිදුයි.. දැක්කම ආස හිතෙන විදිවට තිබ්බා..

මුගේ පව්ලේ අය ඉන්නේ වෙනම ගෙදරක. පොඩි කාලේ ඉදලා මෙහේ කල්චර් එකට හරියන්න හැදිලා තියෙන නිසා ටිකක් අපේ වයසට ආවම එයලා එයාලගේ පාඩුවේ ඉන්නවා.. එහෙම බැලුවම ඉරෝන්ට මෙච්චර ලගින් ඉන්නේ මන් විතරයි..

වෙස් ( Ongoing )Where stories live. Discover now